පසුගිය රජය සමයේදී කප්පම් ගැනීම වෙනුවෙන්  තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළැයි කියන සිදුවීමට   සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර සිටින නාවුක හමුදාවේ ලුතිනන් කර්නල් සම්පත් හෙට්ටිආරච්චිට සැගවී සිටීමට අනුබල දුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එරෙහිව  පැහැදිළි  සාක්ෂි ඇති බැවින් ඔහු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත්ව තිබේ.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මෙම නඩුව ඊයේ (29) කැදවූ අවස්ථාවේදී  වන අතර ඒ අනුව වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නුදුරේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වනු ඇත.