Saturday, May 4, 2024

සුවසැරිය දෙවන පියවර ජුලි 21 යාපනයෙන් අැරඹේ.

Must read

1990 සුවසැරිය දෙවන පියවර සමාරම්භක උළෙල යාපනය මහ නගරසභා ක්‍රිඩාංගනයේදී  ජූලි මස 21 දින යදින ගරු අග්‍රාමත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම උළෙල සදහා ඉන්දීය  මහකොමසාරිස්වරයා ඇතුළු  අමාත්‍යවරුන් රැසක් සහභාගී වීමට නියමිත අතර අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ඉන්දියාවේ සිට රූපවාහිනී තාක්‍ෂණය ඔස්සේ සජීවීව මෙම උලෙල ඇමතීමට නියමිත බවද වාර්තා වෙයි.

පරිපූර්ණ, කඩිනම්, විශ්වාසනීය සහ ගුණාත්මක පූර්ව රෝහල් ප්‍රතිකාර සේවා ලබා දීම මගින් ශ්‍රි ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් රජය විසින් හඳුනාගනු ලැබ ඇති බැවින්, ඉන්දීය රජයෙන් ලද ඇමරිකන් ඩොලර් මිලියන 7.55 ක  ප්‍රදානයක් සමග ප්‍රථමයෙන් බස්නාහිර සහ දකුණු පළ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව ආරම්භ කරන ලදී.

හදිසි දුරකථන ඇමතුමක් මත ක්‍රියාත්මක වන හොදින් පුහුණු වු වෛද්‍ය තාක්‍ෂණික නිලධාරියකු සහිත ගිලන් රථයක් මගින් ලගම රෝහල වෙත රෝගියා ප්‍රවාහනය කරන අතරතුර පුර්ව රෝහල් සත්කාර සිදු කරනු ලැබේ.

මෙම සේවය ආරම්භයේදී බස්නාහිර හා දකුණු පලාත්වල දිස්ත‍්‍රික්ක 6ක් පාදක කරගෙන සේවාව ආරම්භ කර ඇති අතර වෛද්‍ය තාක්‍ෂණික ශිල්පීන් සහිත ගිලන් රථ 88ක් සේවයේ යොදවන ලදී. එකී සියලූ ගිලන් රථ රාජගිරියේ පිහිටි මෙහෙයුම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන අතර සම්බන්ධීකරණයේ පහසුව පිණිස පැය විසිහතරම ක්‍රියාත්මක පොලිස් මුරපොලක්ද මෙකී මෙහෙයුම් කාර්යාලයට අනුයුක්තව ක්‍රියාත්මක වේ.

මේ වන විට 1990 සුවසැරිය සේවාව ලබාගෙන ඇති ප්‍රගතිය
x දැනට මෙහෙයුම් සිදුකරන දිස්ත්‍රික්ක- කොළඹ ගම්පහ කළුතර ගාල්ල මාතර හම්බන්තොට
x යොදවා ඇති ගිලන් රථ ගනන- 88
x සේවයේ යෙදී සිටින පුහුණු සේවකයින් – 800
x දෛනිකව ලැබෙන දුරකථන ඇමතුම් ගනන- 880ක් පමණ
x දෛනිකව සේවා ලබාගන්නා රෝගීන් ගනන – 175ක් පමණ
x මේ වනතෙක් රෝහල් ගතකර ඇති රෝගීන් ගනන -79002
x රෝගියා වෙත ලගා වීම සදහා සාමාන්‍ය කාලය – 12.56
x ගිලන් රථතුල උපත ලබා ඇති බිළිදුන් ප්‍රමාණය-27

1990 සුවසැරිසය සේවය ව්‍යාප්ත කිරීම

මෙම සේවය වසරකට වැඩි කාලයක් සාර්ථකව ක්‍රියාත්මක වී ඇති අතර දෙවන පියවර ලෙස දීප ව්‍යාප්තව මෙම සේවය පුලූල් කිරීම සදහා දෙවන ඉන්දීය ප්‍රදානය වන ඇමරිකන් ඩොලර් මිලියන 15.02 මුදල ලැබීමට නියමිතය. එමගින් නව ගිලන් රථ ඒකක 209 කට වඩා මෙම සේවාවට එක් කිරීමට නියමිත අතර ශ්‍රි ලාංකික තරුණයින්  1782 පමණ මෙම සේවාව සදහා පුහුණුකර සේවයේ යෙදවීමට නියමිතය.

1990 සුවසැරිය පදනම

පූූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව මුළු දිවයිනම ආවරණය කිරීම සඳහා ව්‍යාප්ත කිරීමට සහ බාධාවකින් තොරව තිරසාර ආකාරයකින් එම සේවාව ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම සදහා සදහා මෙන්ම  ඕනෑම තැනැත්තකුට නොමිලේ ලබා දෙන පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවා කාර්යක්ෂමව කරගෙන යාම සඳහා  1990 සුවසැරිය පදනම” පිහිටුවීම පිණිස  මේවන විට 2018 අංක 18 දරන 1990 සුවසැරිය පදනම පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.

යෝජිත පදනමේ අරමුණු
 ඕනෑම  තැනැත්තෙකුට පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවා සහ හදිසි ප්‍රතිචාර සේවා නොමිලේ සැපයීම
 ආසන්නම සුවසත්කාර සපයන්නා වෙත තැනැත්තකු  හදිසි සහ කාර්යක්ෂම පූර්ව රෝහල් ප්‍රතිකාර නොමිලේ සැපයීම.

 

උපුටාගැනීම -https://newstube.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article