Sunday, May 19, 2024

සුලුතර ජනයාට එරෙහි වෛරය වැපිරීම නැවැත්වීමට වහා පියවර ගන්න- සිවිල් සමාජ පිරිස් ආණ්ඩුවෙන් ඉල්ලයි

Must read

screenshot-from-2016-11-12-11-22-31

ජායාරූපය: චීවරධාරී අම්පිටියේ සුමනගේ මැරක්‍රියා නතර කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ මන්ද?

සියගණනාවක් ශ්‍රී ලංකා පුරවැසියන් විසින්පොලිස්පතිවරයාට සහ ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත යවන ලද ලිපියක් මගින්  සාමානාත්මතාවය යන සංකල්පය ආරක්ෂා කිරීම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ලටම පොදුවේ පැවරී ඇති ඉහලම වගකීමක් වන .  සුළු ජන වර්ග හා ආගමික කොටස් වලට එරෙහිව  ද්වේශ සහගත ප්‍රකාශ , ප්‍රචණ්ඩත්වය හා හිංසනය පිලිබඳ තර්ජන  සහ වෙනස්කොට සැලකීම්  නතර කිරීමට අවශ්‍ය පයවර වහාම ගන්නා ලෙස ඉල්ලා සිටී. එමෙන්ම එම ලිපිය වහාම ගත යුතු පියවර පහක් රජය වෙත යේජනා කරයිග

‘‘පහත සඳහන් ක්‍රියාමර්ග කඩිනමින් ගැනීමට  කටයුතු කරන ලෙස අප විසින් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටින්නෙමු.

  • 2016 නොවැම්බර් මස 15 වන දින සිදු කරන ලද ජාති හා ආගම් අතර ප්‍රචණ්ඩත්වය අවුළුවන සුළු ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම ඥානසාර හිමියන් අත් අඩංගුවට ගත යුතුය. ඥානසාර හිමියන්ගේ මෙම ක්‍රියාව පිළිබඳව අවශ්‍ය තරම් සියලු තොරතුරු පොදු මාධ්‍ය තුල දක්නට ඇත. එසේම මේ වන විටත් එම හිමියන් විසින් අලුත්ගම සිද්ධිය නැවත කිරීමට යාම සම්බන්ධයෙන් 2016 ජුනි මස කල ප්‍රකාශයට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ වී ඇත.
  • මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමංගල හිමියන් විසින් සිදු කල ජාති වාදය පදනම් කරගත් හිංසනය සහ නීතිය උල්ලංඝනය කිරීම් වලට එරෙහිව එම හිමියන් වහාම අත් අඩංගුවට ගත යුතුය. එම ක්‍රියාවන් සඳහා ඉහත සපයා ඇති වීඩියෝ දර්ශන ප්‍රමාණවත් තරම් සාක්ෂි සපයයි.
  • අනෙක් සියලු අන්තවාදී කණ්ඩායම් අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳව විමර්ශන පවත්වා නීතිය ක්‍රියාත්මක කල යුතුය.
  • ඥානසාර හිමියන් විසින් අලුත්ගම සිද්ධිය නැවත සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශය සම්බන්ධව මුස්ලිම් කවුන්සිලය සිදු කල පැමිණිල්ල සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කල යුතුය.
  • අනාගතයේදී යලිත් මෙවන් ජන වාර්ගික හෝ ආගම් අතර ප්‍රචණ්ඩත්වය උසි ගැන්වෙන ආකාරයේ ප්‍රකාශ හා සුළු ජාතීන්ට එරෙහි තර්ජනය කිරීම් සිදු වීම වැලක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කල යුතුය. මෙහිදී විශේෂයෙන්ම මෙවන් ක්‍රියා වලට  නායකත්වය දෙන හෝ ඒවායේ නිරත වන බෞද්ධ භික්ෂුන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහ එසේ භික්ෂුන්වහන්සේලා එවැනි ක්‍රියා  නිරත වීම වැලක්වීමට ගන්න පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කල යුතුය. ඊට හේතුව නම් සමාජය තුල බෞද්ධ භික්ෂුන්වහන්සේලා ඔවුනට හිමිව ඇති ආගමික ගෞරවය සහ වටිනාකම මෙවැනි ක්‍රියාවල නිරත වීමට උපයෝගී කර ගැනීමයි‘‘

සම්පූර්ණ ලිිපිය පහත පළවේ.

පොලිස්පතිතුමා,
ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානය,
කොළඹ 01.
පුජිත ජයසුන්දර මහත්මයාණෙනි,

බෞද්ධ භික්ෂුන්වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් සුළු ජාතීන් හා ආගම් වලට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා වලට එරෙහිව නීතිමය පියවර නොගැනීම  සම්බන්ධයෙනි.

සුළු ජාතීන් සහ ආගම් වලට එරෙහිව  ඇතැම් බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් නොනවත්වාම සිදු කරගෙන යනු ලබන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හමුවේ නීතිය ක්‍රියාත්මක නොකොට පොලිසිය සහ රජය විසින් මුනිවත රකිමින් එකී ක්‍රියාවන් අනුබල දෙන ලෙස හැසිරීම අපි දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙලා දකින්නෙමු.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සියලු පුරවැසියන්ගේ සාමානත්මතාවය පිලිබඳ අයිතිය, පහත්කොට නොසැලකීම සහ ආගමික නිදහස යනාදී මුලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර තිබුනද බොහෝ විට බෞද්ධ භික්ෂුන්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සුළු ජාතීන්ට හා ආගම් වලට එරෙහිව ක්‍රියාත්මක වන ජාතිවාදී අගම්වාදී බහුතර කණ්ඩායම් වල ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් වලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ග ගැනීමක් දක්නට නැත. සිවිල් සාමාජ කණ්ඩායම විසින් මෙවැනි සිද්ධීන් හා පහරදීම් පිළිබඳව අවස්ථා ගණනාවකදීම අදාළ අධිකාරීන් වෙත දැනුම් දීම් කර තිබුනද ඒවායින් කිසිදු ප්‍රතිපලයක් නොවීය. කොපමණ පැමිණිලි කලද පහත්කොට දැකීමට සහ වෛරී භාෂාවන් භාවිත කිරීමට එරෙහි  නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන භික්ෂුන් වහන්සේට  එරෙහිව කිසිදු නීතිමය පියවර ගෙන නැත.

අද දින උදෑසන සිදු වූ පහත සිදුවීම පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන්නෙමු.  සිංහල ජාතියේ ආරක්ශකයෙකු ලෙස තමන්ව හඳුන්වා ගන්නා සුරේෂ් ප්‍රසාද් හෙවත්  ඩැන් ප්‍රියසාද් නැමැත්තා පොලිස් අත් අඩංගුවට පත් වීමෙන් පසුව බොදු බල සේනා සංවිධානයේ නායක  ඥානසාර හිමියන් විසින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත. එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝ පටයේ දැක්වෙන පරිදි උන්වන්සේ විසින් “ ලේ හැලීමක්” පිළිබඳව සඳහන් කර ඇත. උන්වහනසේ විසින් ප්‍රකාශ කර ඇත්තේ “… ඊළඟට  තියෙන්නේ අපට ගල්  මුල් අරගෙන පොලු අරගෙන ලේ හලලා මේ ප්‍රශ්නේ විසඳන්න.  එයාලට ඕනේ ඒක නම් අපි ඒක දෙනවා”

එසේම ඩැන්  ප්‍රියසාද් අත් අඩංගුවට ගත්තේ නම් ශ්‍රී ලංකා තවුදීන් ජමාත් කණ්ඩායමේ ලේඛම් අබ්දුල් රසීක් නැමැත්තාද පැය 24ක් යාමට ප්‍රථම අත් අඩංගුවට ගත යුතු යයි ඥානසාර හිමියන් විසින් ප්‍රකාශ කර ඇත. අපට වාර්තා වූ අයුරින් මෙම ප්‍රකාශය සිදු කර වැඩි වෙලාවක් යාමට මත්තෙන් අබ්දුල් රසීක් මහතාව මාලිගාවත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා ඇත. මෙම අත් අඩංගුවට ගැනීම ඉතා වේගයෙන් සිදු වීම මගින් පැහැදිලි වන්නේ ඥානසාර හිමියන් ගේ ප්‍රකාශයට  පොලිසියට බලපෑම් කිරීමට ඇති හැකියාවයි. ස්වාධීන ලෙස කටයුතු කල යුතු පොලිසිය වුවද එම හිමියන්ගේ වචන වලට නතු වී ක්‍රියාකරන බව අපේ වැටහීමයි. අන්තවාදී  බෞද්ධ භික්ෂු කණ්ඩායම්  විසින් දියත් කරනු ලබන  ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැලි වන පොලිසිය මෙවැනි ආකාරයෙන් හැසිරීම ඉතාම ගැටළු සහගතය.

ඥානසාර හිමියන් සම්බන්ධ එකම සිදුවීම මෙය පමණක් නොවේ, මේ වසරේ ජුනි ,මාසයේදී මහියංගනයේ පවතී මහජන රැළියකදී එම හිමියන් විසින් පොදු නිවේදනයක් සිදු කරමින් ප්‍රකාශ කලේ ඔවුනට ඕනෑම අවස්තාවක යලිත් අලුත්ගම සිදු වූ සිද්ධිය[1]  වැනි එකක් යලිත් ඇති කිරීමට ඔවුනට හැකියාව ඇති බවයි. (2014 වසරේදී අලුත්ගම දී සිදු වූ මුස්ලිම් විරෝධී කැරැල්ල නිසා ජීවිත 4ක් අහිමි වූ අතර 80 දෙනෙක් තුවාල ලැබුහ. එසේම 10,000කට අධික පිරිසකට උන් හිටි තැන අහිමි විය.)  මෙම ප්‍රකාශය ඇතුලත් කතාව වීඩියෝගත කර තිබු අතර අන්තර්ජාලය ඔස්සේ ඉතාම වේගයෙන් බෙදා හැරිණි. මිට එරෙහිව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය විසින් ලිඛිත පැමිණිල්ලක්[2] පොලිස්පතිතුමා වෙත ලබා දුන්නද  අප දන්නා තරමින් අද වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.

මෑතකදී මඩකලපුව මංගලාරාම විහාරධිපති අම්පිටියේ සුමංගල නම් හිමි නමක විසින් කරන ලද ප්‍රකාශයක් අන්තර්ජාලය ඔස්සේ ඉතා වේගයෙන් ව්‍යාප්ත වින. නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු පවා ඉදිරිපිට දමිල ජාතික ග්‍රාම නිලධාරී මහත්මයෙකු හට ඉතාම අපහාසාත්මක මෙන්ම ජාතිවාදය අවුළුවන නින්දිත වචන භාවිත කරමින් බැනවදින ආකාරය එම වීඩියෝවේ සටහන් වී තිබිණ. . එම පොලිස් නිලධාරියා එම අවස්ථාවේ  එම රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීමට හෝ අදාළ හිමි නමගේ ක්‍රියාව නැවත්වීමට කිසිදු පියවරක් නොගෙන සිද්ධිය  නිරීක්ෂණය කල බව දක්නට ලැබිණ. අවසානයේ පොලිස් නිලධාරියා මැදිහත් වුනාද එවිටද ඔහු මැදිහත් වුයේ ඉතාම අකමැත්තෙන් හා බියගුළු ස්වරූපයකින් බව දක්නට ලැබිණ.

අම්පිටියේ සුමංගල හිමියන් සම්බන්ධ සිද්ධිය එක් තනි සිදුවීමක් පමණක්  නොවේ. මෙම ස්වාමින්වහන්සේම තවත් මෙවැනි  සිදුවීම් ගණනාවකට සම්බන්ධ වී ඇත. [3] එවන එක්  අවස්ථාවකදී උන්වහන්සේ විසින් කාන්තා පිළිස නිලධාරිනියක්ට සහ ගම වැසියන්ට හිංසාකාරී ලෙස හැසිරී ඇත[4]. නමුත් පුදුමයට කරුණක් වන්නේ අද වනතෙක් එම හිමි නමට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගෙන නොතිබීමයි.

2016 වසරේ ජුනි මස තවත් අවස්තාවකදී , “ වෙනස් එහෙත් සමානයි” (‘Different Yet Equal’) යන තේමාව යටතේ සමානාත්මතාවය උදෙසා සංවිධානය කරන ලද රාත්‍රී වැඩසටනකට කඩා වැදුණු සිංහ ලේ යයි කියාගත් කණ්ඩායමක ජාතික සම්බන්ධීකාරක  අරම්බෙපොල රතනසිරි හිමියන් ඇතුළු කණ්ඩායම  විසින්  එම වැඩසටහනට ප්‍රචණ්ඩකාරී ලෙස බාධා කලෝය. [5] පොලිසිය පවා සිටින අවස්ථාවේදී සිදු වූ මෙම  බාධා කිරීම සහ කලහකාරී පිරිස මර්දනය කිරීමට මැලි වූ පොලිසිය සිදු කලේ මෙම සාමකාමී වැඩසටහනෙහි සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීමයි. තවත් වීඩියෝ පටයක සිංහ ලේ කණ්ඩායම විසින් සියලු මුස්ලිම් ජනතාවට මරණ තර්ජන කරනු සටහන් වී ඇත. [6]   මෙම වසරේ අගෝස්තු මාසයේ සිදු වූ  තවත් සිදුවීමකදී රතනසිරි හිමියන් ඇතුළු සිංහලේ කණ්ඩායමේ සාමාජිකයන් විසින් ක්‍රිස්තියානි කාන්තා බැතිමතුන් දෙදෙනෙකුට සහ පුජකවරයෙකුට බන තර්ජනය කර තිබිණ[7].

එවැනිම තවත් අවස්තාවකදී කොළඹ ප්‍රදේශයේ පන්සලකදී  භික්ෂුන් වහන්සේ විසින් දමිල ජාතික යුවලකට ඉතාම දරුණු ලෙස බැන වැදී ඇත. මෙම සිදුවීමට මුහුණ දුන් වින්ඳිත දෙපල සත්‍ය හෙළි කළහොත් සිදු විය හැකි අන්තරායන්ට බියෙන් තවමත් තම අත්දැකීම හෙළි නොකර සැඟවෙමින් බියෙන් යුතුව ජීවත් වෙති. [8]

මහජතාවගේ මෙවැනි හැසිරීම්, සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිලිබඳ සම්මුතිය සහ ඒ පිලිබඳ පනත යන අන්තර්ජාතික සහ දේශීය නීතින් මගින් තහවුරු කර ඇති ද්වේශ කතාවට සහ වෙනස් කොට සැලකීමට එරෙහිව ඇති ආරක්ෂාවන් අමු අමුවේ උල්ලංඝනය කරන බව පැහැදිලි කරුණකි. [9] සිවිල් හා දේශපාලනික අයිතිවසිකම් පිලිබඳ අන්තර්ජාතික සම්මුතිය පිලිබඳ පනතෙහි දැක්වෙන ආකාරයට  “ කිසිදු පුද්ගලයෙක් විසින් යුද්ධයක් ඇති කිරීම හෝ ජාති , ආගම්  හෝ ජන වර්ග අතර ප්‍රචණ්ඩත්වය, වෛරය හෝ වෙනස්කොට සැලකීම ආදියට පෙළඹෙන ආකාරයෙන් කටයුතු නොකලයුතුයි.” [10] එසේම එසේ කටයුතු කරන හෝ එවැනි ක්‍රියාවකට අනුබල දෙන, උපකාර කරන හෝ දිරිගන්නවන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව වසර 10 ක් දක්වා විය හැකි සිර දඬුවමක් පැනවිය හැකිය. [11]  මෙවැනි ක්‍රියා වලට එරෙහිව කාර්යක්ෂම ලෙස පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය විසින් පියවර නොගැනීම පැහැදිලිවම රජය විසින් සියලු පුරවැසියන් තර්ජන හා ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් බැඳී ඇති වගකීම්  මෙන්ම නීතිය උල්ලංඝනය කිරීමක් වේ.

2016 වසරේ අගෝස්තු මස ජනවර්ග අතර වෙනස්කොට සැලකීම තුරන් කිරීම පිලිබඳ කමිටුවට සිවිල් සමාජ එකමුතුවී සිදු කරන ලද වාර්තාවකට[12]  අනුව ක්‍රිස්තියානි ජනතාව විසින් මුහුණ දුන් මෙවන් සිදුවීම් 132, මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු වූ සිදුවීම් 141 , 2015 වසර තුල පමණක් වාර්තා වී ඇත. මෙම සිද්ධීන් වලට පුජනීය ස්ථාන වලට පහර දීම, පුජාවන් පැවැත්වෙන කාල සීමාවන් තුල බාධා කිරීම් ඇතුළු සිදු වීම් ඇතුලත් වේ. 2016 මැයි මස Sri Lanka Campaign හි පළවූ ලිපියක මෙසේ දැක්වේ. “ මිට පෙර සිදු වූ ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාවට එරෙහිව  බෞද්ධ අන්තවාදී කණ්ඩායම් විසින් සිදු කරන ලද හිංසනයන්ට එරෙහිව කිසිදු නඩු පැවරීමක් මේ දක්වා සිදු කර නොමැත. 2014 වසරේ මුස්ලිම් විරෝධී කැරැල්ලෙන් අහිමි වූ මුස්ලිම් ජීවිත පිළිබඳව විමර්ශන පවත්වා නඩු කටයුතු ඉක්මන් කිරීමට අධිකාරීන් තුල ඇති අකමැත්ත හා නොහැකියාව තුලින් විද්‍යාමාන වන්නේ රජය විසින් බෞද්ධ අන්තවාදය පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකරන  නොවන බවයි.”[13]

මෙවැනි ඉතාම පහත හා දරුණු මට්ටමේ ජාති හා ආගම් වාදය අවුළුවන ද්වේශ සහගත ප්‍රකාශ ප්‍රසිද්ධියේ සිදු කරන අවස්ථාවන්හිදී පවා රජය විසින් ඍජු හා ක්‍රියාකාරී ලෙස ප්‍රසිද්ධියේ ඒවා විවේචනය කරමින් වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වෙනුවට නිහඬ මුනිවත රැකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා අප සියලු දෙනා දැඩි කනගාටුවට හා අපේක්ෂා භංගත්වයට පත් වී ඇති ඇත්තෙමු. ශ්‍රී ලංකවේ ද්වේශ සහගත ප්‍රකාශයන්ට හා වෙනස්කොට සැලකීමට එරෙහි නීතින් කඩ කරන සියලු දෙනාට එරෙහිව (බෞද්ධ භික්ෂුන්ද ඇතුළුව) නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය වහා පියවර අගත යුතුය. මෙවැනි ප්‍රකාශයන නිසා ජාති හා ආගම් අතර ප්‍රචණ්ඩත්වය  ඇති වීමටත් එකී ප්‍රකාශයන් ප්‍රසිද්ධියේ සිදු කිරීම තුල අනෙක් ජනතාවද ප්‍රතිවිපාක ගැන නොසිතා එවැනි ප්‍රචන්ඩ ක්‍රියා වලට යොමු වීමට ඇති ඉඩකඩත් පිළිබඳව රජය දැඩි අවධානයක් යොමු කල යුතුය.  මිට හොඳම උදාහරණයක් වන්නේ “සිංහලයන්ගේ ගැලවුම්කරුවන්” හෝ “ සිංහල බෞද්ධ ශුරයන්” යයි තමන්ව හඳුන්වා ගත් කණ්ඩායමක් විසින් සියලු මුස්ලිම් ජනතාව ගිනි තබා මැරීමට තර්ජනය කොට එම උත්තරීතර වෑයම වෙනුවෙන් දායක වීමට සියලු දෙනාට ආරාධනා කරමින් ජනතාව නොමග යවමින් ජාති භේදය අවුලුවීමයි. පාර්ලිමේන්තු නියෝජිතයන් කිහිපදෙනෙක් ඇතුළු මහජනතාවගේ දැඩි අප්‍රසාදය මත මෙම කණ්ඩායමේ සාමාජිකයෙක් වන ඩැන් ප්‍රියසාද්  නමැත්තා මෙම මස 15 වන දින කොටුව පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. [14]

පොලිසිය විසින් ආගමික ප්‍රචණ්ඩත්වය, ප්‍රචණ්ඩත්වය පිලිබඳ තර්ජන  සහ ආගම් හා සුළු ජන වර්ග පිලිබඳ ද්වේශ සහගත් ප්‍රකාශ ආදියට එරෙහිව කටයුතු කිරීමට එක පොදු වැඩපිළිවෙලක් අනුගමනය කල යුතුය. නීතියේ ඉදිරියේ සමානාත්මතාවය යන මුලික සිද්ධාන්තය යටතේ එවැනි ක්‍රියා වල නිරත වන සෑම අයෙක්ටම බෞද්ධ භික්ෂුන් ඇතුළුව නීතිය ඒකාකාරව ක්‍රියාත්මක කල යුතු වේ. පොලිසියේ වගකීම වන්නේ කිසිදු වෙනසකින් තොරව නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීමයි.

තවද සාමානාත්මතාවය යන සංකල්පය ආරක්ෂා කිරීම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ලටම පොදුවේ පැවරී ඇති ඉහලම වගකීමකි. රජය විසින් ප්‍රසිද්ධියේ කැප වී ඇති  සංහිඳියා  ක්‍රියාවලියේදී  මෙය ඉතාම තීරණාත්මක සාධකයක් වේ.  රට තුල සුළු ජන වර්ග හා ආගමික කොටස් වලට එරෙහිව  ද්වේශ සහගත ප්‍රකාශ , ප්‍රචණ්ඩත්වය හා හිංසනය පිලිබඳ තර්ජන  සහ වෙනස්කොට සැලකීම්  දිගින් දිගටම සිදු වන විටත් රජය විසින් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හෝ නොදැක්කා සේ නොසලකා හරිමින් කටයුතු කිරීම සංහිඳියාව පිලිබඳ සියලු සාකච්ඡා හුදු වචන මාත්‍රයට පමණක් සීමා වූ යථාර්තවාදී නොවන ප්‍රයාම ලෙස හැගී යනු ඇත.

එබැවින් පහත සඳහන් ක්‍රියාමර්ග කඩිනමින් ගැනීමට  කටයුතු කරන ලෙස අප විසින් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටින්නෙමු.

  • 2016 නොවැම්බර් මස 15 වන දින සිදු කරන ලද ජාති හා ආගම් අතර ප්‍රචණ්ඩත්වය අවුළුවන සුළු ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම ඥානසාර හිමියන් අත් අඩංගුවට ගත යුතුය. ඥානසාර හිමියන්ගේ මෙම ක්‍රියාව පිළිබඳව අවශ්‍ය තරම් සියලු තොරතුරු පොදු මාධ්‍ය තුල දක්නට ඇත. එසේම මේ වන විටත් එම හිමියන් විසින් අලුත්ගම සිද්ධිය නැවත කිරීමට යාම සම්බන්ධයෙන් 2016 ජුනි මස කල ප්‍රකාශයට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ වී ඇත.
  • මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමංගල හිමියන් විසින් සිදු කල ජාති වාදය පදනම් කරගත් හිංසනය සහ නීතිය උල්ලංඝනය කිරීම් වලට එරෙහිව එම හිමියන් වහාම අත් අඩංගුවට ගත යුතුය. එම ක්‍රියාවන් සඳහා ඉහත සපයා ඇති වීඩියෝ දර්ශන ප්‍රමාණවත් තරම් සාක්ෂි සපයයි.
  • අනෙක් සියලු අන්තවාදී කණ්ඩායම් අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳව විමර්ශන පවත්වා නීතිය ක්‍රියාත්මක කල යුතුය.
  • ඥානසාර හිමියන් විසින් අලුත්ගම සිද්ධිය නැවත සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශය සම්බන්ධව මුස්ලිම් කවුන්සිලය සිදු කල පැමිණිල්ල සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කල යුතුය.
  • අනාගතයේදී යලිත් මෙවන් ජන වාර්ගික හෝ ආගම් අතර ප්‍රචණ්ඩත්වය උසි ගැන්වෙන ආකාරයේ ප්‍රකාශ හා සුළු ජාතීන්ට එරෙහි තර්ජනය කිරීම් සිදු වීම වැලක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කල යුතුය. මෙහිදී විශේෂයෙන්ම මෙවන් ක්‍රියා වලට  නායකත්වය දෙන හෝ ඒවායේ නිරත වන බෞද්ධ භික්ෂුන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහ එසේ භික්ෂුන්වහන්සේලා එවැනි ක්‍රියා  නිරත වීම වැලක්වීමට ගන්න පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කල යුතුය. ඊට හේතුව නම් සමාජය තුල බෞද්ධ භික්ෂුන්වහන්සේලා ඔවුනට හිමිව ඇති ආගමික ගෞරවය සහ වටිනාකම මෙවැනි ක්‍රියාවල නිරත වීමට උපයෝගී කර ගැනීමයි
  • (උපුටා ගැනිම –

[1] Colombo Telegraph, Video: BBS Gnanasara Back In Action, Promises To Repeat Aluthgama Mayhemhttps://www.colombotelegraph.com/index.php/video-bbs-gnanasara-back-in-action-promises-to-repeat-aluthgama-mayhem/

[2]Colombo Gazette, BBS back to old habits, Muslim Council writes to IGPhttp://colombogazette.com/2016/06/25/bbs-back-to-old-habits-muslim-council-writes-to-igp/

[3]Multiple incidents of racist abuse and violence by Sumangala himi – http://www.asianmirror.lk/news/item/17668-batticaloa-mangalarama-temple-monk-destroys-cornerstone-after-president-fails-to-attend-event, https://www.youtube.com/watch?v=i-A2XArDXH8, https://www.youtube.com/watch?v=dOeT7EaDjw0,https://www.youtube.com/watch?v=QekwjYXw1QYhttps://www.youtube.com/watch?v=2MCagBHR5yo,http://www.virakesari.lk/article/13563, https://www.youtube.com/watch?v=RPNhiJ77Pms, http://battinaatham.com/description.php?art=6337&https://www.youtube.com/watch?v=hKeg76RoIHs

[4]Vakeesam.com – மட்டு. விகாராதிபதியின்மறுபக்கம் – பெண்பொலிஸாரைகலைத்துகலைத்துத்தாக்கும்அதிர்ச்சிவீடியோ – http://www.vakeesam.com/%E0%AE%AE%E0%AE%9F%E0%AF%8D%E0%AE%9F%E0%AF%81-%E0%AE%B5%E0%AE%BF%E0%AE%95%E0%AE%BE%E0%AE%B0%E0%AE%BE%E0%AE%A4%E0%AE%BF%E0%AE%AA%E0%AE%A4%E0%AE%BF%E0%AE%AF%E0%AE%BF%E0%AE%A9%E0%AF%8D-%E0%AE%AE.html

[5]Footage on SinhaLe disruption of peaceful vigil – http://www.vikalpa.org/?p=28041, https://www.facebook.com/photo.php?fbid=10210663613375039&set=pb.1489297727.-2207520000.1479217858.&type=3&theater, http://www.vikalpa.org/?p=28025, http://www.bbc.com/sinhala/sri-lanka-37088711,http://groundviews.org/2016/08/16/different-yet-equal-on-effectively-battling-hatred/&http://roar.lk/editorial/time-stop-pretending-sinha-le-anything-racist/

[6]SinhaLe threatening to kill all Muslims – https://drive.google.com/open?id=0BzO8SAlmDKanUTN4YmpIX3pua2s

[7]Rathanasara himi and SinhaLe goons, intimidate and threaten Christian worshippers and a Pastor – https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1043738325733995/&https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1043742442400250/

[8]DBSJeyaraj.comTamil Family in Colombo Suburb Suffers Terrible Ordeal at the Hands of a “Religious Mob”http://dbsjeyaraj.com/dbsj/archives/49409

[9]International Covenant on Civil and Political Rights (ICCPR) Act No. 56 of 2007.

[10]ICCPR Act, s 3(1).

[11]ICCPR Act, ss 3(2) and 3(3).

[12]Report by Centre For Human Rights Development, National Christian Evangelical Alliance Of Sri Lanka and Minority Rights Group International – https://goo.gl/fWhcPD

[13]Sri Lanka Campaign, Ominous rise in attacks on Sri Lanka’s Christianshttps://www.srilankacampaign.org/ominous-rise-attacks-sri-lankas-christians/

[14]Colombo Telegraph, Police Arrests ‘Saviour Of The Sinhalese’ Who Threatened To Bomb Muslimshttps://www.colombotelegraph.com/index.php/police-arrests-saviour-of-the-sinhalese-who-threatened-to-bomb-muslims/

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article