Sunday, May 19, 2024

මායා බලන්න ජනපති රීගල් හෝල්එකට යයි

Must read

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමානායක මහතා රඟන මායා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹීමට ඊයේ (16) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ රීගල් සිනමාහල වෙතට ගියේය.

ජනපතිවරයා මේ චිත්‍රපටය නැරඹීමට සිය බිරිය වන ජන්ති සිරිසේන මහත්මියද කැඳවාගෙන පැමිණ සිටියේය.

එසේම මායා චිත්‍රපටය නැරඹීමට ජනපතිවරයාට අමතරව, ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, මහින්ද අමරවීර, පාලිත තෙවරප්පෙරුම ඇමතිවරියන් වන තලතා අතුකෝරාල, අනෝමා ගමගේ යන පිරිසද එක්ව සිටියහ.

මායා ඩොනල්ඩ් ජයන්තගේ අධ්‍යක්ෂණයක් වන අතර එය ඔහුගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

මෙය ආර්. සදේශ් කුමාර් හා ශ්‍රීමතී සදේශ් කුමාර්ගේ නිෂ්පාදනයකි.

රන්ජන් මෙහි මායා ලෙස කාන්තා චරිතයකට පණ පොවන අතර රන්ජන්ව කාන්තා චරිතයකට වෙස් ගන්වනු ලැබුවේ ලංකාවේ දක්ෂ වේශනිරූපන ශිල්පියකු වන නලීන් ප්‍රේමතිලක මහතා විසිනි.

මේ චිත්‍රපටය කාංචනා නම් දමිළ චිත්‍රපටයක අනුවර්තනයකි. එම චිත්‍රපටය ඉන්දියාවේ තිරගතවූයේ 2011 වසරේදීය.

Maaya1 600px 16 11 17

www.srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article