Friday, May 10, 2024

විමල්, දැන්වත් මඩින් නැතිව ගොඩින් එන්න!!

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේ හදිසි මරණයක් සිදුව තිබේ. එසේ මියගොස් ඇත්තේ ඔහුගේ පුත්‍රයාගේ මිත්‍රයෙකු යැ යි කියන තරුණයෙකි. ලහිරු ජනිත් නම් වන එම තරුණයා රැයේ නින්දේ දී ම මරණයට පත්ව ඇති බව දැනගන්නට ඇත. පහතින් පළවෙන්නේ ජාතිකවාදය වෙත ගමන දැනගෙන යන එක්තරා පුවත්පත ඒ සිදුවීම 2016.10.28 දින සිය මුල්පිටුවේ වාර්තා කර තිබු අයුරුයි.

වීරවංශගේ නිවසේදී මියගිය තරුණයාගේ
මරණය ගැන සැකයක්‌
පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවක්‌ ඉදිරිපත්
කරන්නැයි පොලිසියට නියෝග
පියදාස රණසිංහ

….මියගිය ලහිරු ජනිත් යන තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත් විභූති විශ්වජිත් වීරවංශ යන අයගේ මිතුරකු බවට හඳුනා ගෙන තිබේ.

පසුගිය 25 දා රාත්‍රී එම තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයා ඇතුළු තවත් තරුණයන් තිදෙනකු සමඟ රූපවාහිනිය නරඹමින් සිට නින්දට ගොස්‌ ඇති බවත්, මියගිය තරුණයා එම නිවසේ සාලයක තනිව නින්දේ සිට ඇති බවත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.

පසුදා උදේ ඔහු අවදි කිරීමට ගිය අවස්‌ථාවේ, එම තරුණයා කිසිවක්‌ කතා නොකර ඇති අතර ඒ මොහොතේම ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිටි බවට හදිසි මරණ පරීක්‍ෂක ඩබ්ලිව්. සී. ටී. ගලගෙදර මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයේදී ප්‍රකාශ වී තිබේ.

මියගිය අයගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බාහිර සලකුණු කිහිපයක්‌ දක්‌නට ඇති නිසා ඔහුගේ මරණය සැක සහිත බව නිගමනය කළ මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරමින් ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා වෙත වාර්තා කිරීමට පොලිසියට නියෝග කර තිබිණ.
(තෝරාගත් උපුටනය අවසන්)

මෙම සිදුවීම පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍යය එතරම් සැලකිල්ලක් නොදැක්වූ අතර සමාජජාලා වෙබ් අඩවි පුරා විවිධ අන්දමේ පුවත් පැතිරී ගියේ ය. මන්ත්‍රීවරයාගේ දියණිය සහ බිරිඳ සම්බන්ධ කරගනිමින් පැතිර ගිය සමහර අදහස් තටු ලැබී මෙන් වැඩිපුර පැතිර ගියේ ය.

ප්‍රධාන යැ යි සම්මත මාධ්‍යයන්ගේ අවධානයට එතරම් පාත්‍ර නොවුණ ද සමාජජාලා වෙබ් අඩවි හරහා මෙය කොතරම් පැතුරුණේ ද යත් විමල් වීරංවශ මන්ත්‍රීවරයාට සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබන්නට ද සිදු විය.

“ලහිරු ජනිත් තරුණයාගේ මරණය පාදකකර ගනිමින් සමාජ ජාලා වෙබ් අඩවි මගින් විවිධ ද්වේෂ සහගත ප්‍රචාරයන් සිදු කරමින් පවතී. මෙය ලියැවෙන්නේ ඊට පිළිතුරු වශයෙනි.
ලහිරු ජනිත් මාගේ පුතාගේ සමීප මිතුරකු මෙන්ම අපගේ අසල්වැසියෙකු ද වේ. පුතුගේ මිතුරුදම හේතුවෙන් ඔහු අපගේ නිවසට නිතර ආ ගිය අයෙකි. මරණය සිදු වු දිනයේද ඔහු අප නිවසට පැමිණි ඇති අතර එදින නිවසෙහි පුතුට අමතරව මිතුරන් කිහිප දෙනෙකුද සිට ඇත. මා එදින කොළඹින් බැහැරව සිටි අතර රාත්‍රියේ නිවසෙහි සිටියේ නැත.
මේ මිතුරු කැල සතුටු සාමීචියෙහි යෙදෙමින්ද සිනමාපටයක් නැරඹීමෙන්ද අනතුරුව රාත්‍රියෙහි නින්දට ගොස් ඇති අතර ලහිරු ජනිත් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව මා හට ගැන ගැනීමට ලැබිණි. ඔහු මියගියේ මාගේ නිවසෙහි නිසා මේ වන විට ඒ මියයෑම පාදකකර ගනිමින් දේශපාලන සතුරෝ විවිධ මඩ ප්‍රචාරයන් සහ අවලාද නිර්මාණය කරමින් සිටිති. මාගේ බිරිඳත්, පුතනුවන් හා දියණියන් පාදක කරමින් නිර්මාණයකර ඇති එම මඩ හා අවලාද ඉතාමත් පිළිකුළෙන් යුතුව හෙළා දකිමි.
එසේම මෙම මියයෑම සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ වූවාට පසු මෙම මඩ ප්‍රචාර සහ අවලාදයන් කොතරම් නින්දිත අයුරින් නිර්මාණය කොට ඇතිදැයි ඔබට වැටහෙනු ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙහි මෙම මරණය ස්වභාවික මරණයක් බවත් එය හෘදයාබාධයකින් සිදුව ඇති බවත් සඳහන්ව තිබේ. සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා ඇත්තේ හෘදයාබාධය සිදුව ඇත්තේ කවර හේතුවක් නිසාදැයි පරික්ෂා කිරිමටය.
අවසන් වශයෙන් මාගේ දේශපාලන විරුද්ධවාදීන් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පාදකකර ගනිමින් ඉහත ආකාරයේ මඩ ප්‍රචාර හා අවලාද මෙහෙයුම් දියත් කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් පහත් තත්වයකට ඇද වැටිම පිළිබඳව බෙහෙවින් කනගාටු වෙමි.”
විමල් වීරවංශ (පා.ම)

මඩ දේශපාලනය කලාවක් නම් එහි ලංකාවේ පිකාසෝ විමල් වීරවංශ ය. ඔහුගේ කමසරියාවක් නැති මුඛයෙන් මෙරට කොතරම් දේශපාලකයන්ට හා වෙනත් අයට මඩ ගසා තිබේ ද? ඔහු සහ ඔහුගේ බැලයන්ට ආචාරධාර්මිකකම් ආදිය සිහිව තිබෙන්නේ දැන් ය. අප එදත් අදත් මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය අල්ලාගෙන කිච කරන්නට ගියේ නැත. විමල්ට සිහිපත් කර දිය යුත්තේ, රනිල් වික්‍රමසිංහට, අනුර කුමාර දිසානායකට, රවි කරුණානායකට, අකිල විරාජ්ට, මෛත්‍රීපාල සිරිසේනට, මංගල සමරවීරට ඔහු විසින් ගැසූ නින්දිත කැත මඩ ප්‍රහාරයි.

අවැසි නම් ඔහු සිය වෙබ් අඩවි හරහා සමනලී ෆොන්සේකා, අනෝමා රාජකරුණා, පරාක්‍රම නිරිඇල්ල වැනි කලාකරුවන් කිහිපදෙනෙකුගේ පෞද්ගලික ජීවිත වලට අතිශය නින්දිත ආකාරයට ප්‍රහාරයක් එල්ල කළ පසුගිය 2014 දෙසැම්බරය සිහිපත් කළ හැකි ය. කිසිදු සිදුවීමක් සිදු නොවී පවා හිතලු ලෙස අනෙක් අයට මඩ ගැසූ විමල් සිය නිවසේ සැකකටයුතු මරණයක් සිදුව තවම නිශ්චිත කරුණු අනාවරණය නොවී තිබිය දී ත් ආචාරධර්ම සහ සදාචාරය ගැන කතා කරයි. අපට අසන්නට ඇත්තෙ විමල් කතා කරන්නේ කටින් ද කියා පමණි.

අවැසි නම් මඩ ගසන්නට කරුණු තිබිය දී පවා විමල්ට මේ සිදුවීම පාදක කරගෙන එතරම් පහර වැදුණේ නැත.වෙනත් අයෙක්ගේ නිවසක එවැන්නක් සිදු වූයේ නම් ඒ ගැන ප්‍රලාප ගොතා කියමින් මඩ ගසන්නට විමල්ට තම කබර කට මදි වනු ඇත. විමල් සේ අනෙක් උන් ඔහුට මඩ නොගැසුවේ විමල්ට වඩා උන් ශිෂ්ට නිසා ය.

විමල්..!
දැන්වත් මඩින් නැතිව ගොඩින් එන්න!!

www.colomboxnews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article