Wednesday, September 23, 2026
spot_img
spot_img
spot_img
spot_img

සිලාවත තරුණයන් එක්වී මත්ද්‍රව්‍යජාවාරම්කරුවන් වටලයි

Must read

 

මුලතිව් දිස්ත්‍රික්කයේ  සිලාවත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ දිනෙන් දින ඉහළ යන මත් ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සඳහා ග්‍රාමීය  තරුණයින්  ඒකරාශී කර ඇත. තම ගම්මානයේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන බලපෑම් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් ක්‍රියාකර ඇති ආකාරය ප්‍රමාණවත් නොවන බව වටහාගත් ගම්වාසීහු සහ තරුණයෝ ග්‍රාම නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් වැටලීමක් සිදුකර ඇත. මෙම වැටලීම සදහා පොලීසියේද සහයෝගය ලැබි තිබේ.

තම ගම්මානයේ මත්ද්‍රව්‍ය අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් තම ගම්මානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගෙන පොලිසියේ සහාය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගෙන තම ගම්මානයේ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට කටයුතු  කළහ.

ගම්වල් සිදුවන නීතිවිරෝධී ක්‍රියා පාලනය කිරීමට පොලිසිය නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවටත්, මෙවැනි නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයන්ට පොලිසිය උදව් කරන බවටත් එල්ල වන චෝදනා මධ්‍යයේ ගම්වාසීන්ගේ සහ තරුණ තරුණියන්ගේ මෙම ක්‍රියාව බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.

 

ෂන්මුගගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article