Thursday, May 16, 2024

සියදිවි නසාගැනීමට පොලඹවන online ක්‍රීඩාවකට චීනය වැට බදී.

Must read

hqdefault

රුසියාවේ නිපදවා ඇති සියදිවි නසා ගැනීමට යොමුකරන “Blue Whale” නැමැති online ගේම් එකක් තහනම් කිරීමට චීනය තීරණය කොට තිබෙනවා. එරට බලධාරීන් විසින් මේ ගේම් එක්ට අදාල වන keywords සෙවුම් මෘදුකාංග හරහා සෙවීමත් අවහිර තොට තිබෙන අතර,මෙය online ගේම් එකක් වන නිසා එය ක්‍රීඩා කිරීමට සාදාගත් කණ්ඩායම් විසුරුවා හැරීමටත් චීන රජය කටයුතු කර ඇති බවයි වාර්ථා වන්නේ.

මෙය ක්‍රීඩාකිරීම සදහා පිරිස් එකතු වන්නේ අන්තර්ජාලය හරහායි. මෙය ක්‍රීඩාකිරීමේදී සම්පූර්ණ කිරීමට ඇති කාර්යයන් ටිකක් අමුතුයි. එකදිගට දින 50 පාන්දර 4.20ට අවදිවීමට අවශ්‍යවීම වැනි කාර්‍යයන් මෙහිදී සම්පූර්ණ කිරීමට ක්‍රීඩකයන්ට සිදුවෙනවා. එලෙසම ඇතැමි කාර්‍යයන් සම්පූර්ණ කිරීමට තමන්ට හානි සිදුකරගැනීමට ක්‍රීඩායෙව් යෙදෙන්නන් මේ හරහා යොමු කරන අතර බොහෝ අවස්ථාවන් වලදී සියදිවිනසා ගැනීමට පවා පිරිස් යොමු කිරීම මෙමගින් සිදුවන බවයි චීනයේ අදාල බලධාරීන් පවසන්නේ. එලෙසම රුසියාවත් මේ පිලිබදව අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ එරට සිදුවූ සියදිවිනසාගැනීම් 130කට පමණ මෙම ක්‍රිඩාවේ යෙදීම හේතුව විය හැකි බවයි.

blue-wale-suicide-game_759

එලෙසම ඇතැම් පිරිස් වන්නේ මෙම චෝදනාවන් කිරිවක් ඔප්පු වී නොමැති නිසා මේ සිදුවන්නේ පදනම් විරහිත ක්‍රියාවක් බවයි. මෙවැනි ක්‍රියාවන් හරහා “Blue Whale” නැමැති online ක්‍රීඩාවට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා. අන්තර්ජාලය හරහා තමන්ට හානි සිදුකරගැනීමට ප්‍රචාරය කරමින් ඡායාරූප ප්‍රදර්ශණය කල 17 හැවිරිදි තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පවසන්නේ රජය විසින් මේ ක්‍රීඩාව තහනම් කරන බවට ප්‍රචාරය කර දින දෙකකට පසු තමන් මේ ක්‍රීඩාවට ඇතුල් වූ බවයි.
කෙසේ හෝ මේ වන විට රාජ්‍ය නොවන සංවිධාන හා චීන ජනමාධ්‍යයේද සහය ඇතිව මේ  ක්‍රීඩාව ක්‍රීඩා කිරීම නතර කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

 

 

https://globalvoices.org ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article