Thursday, May 2, 2024

“සිංහල භාෂාවෙන් ලියුමක් දුන්නම කුණු කූඩයට” – විජයදාස

Must read

 %e0%b7%80%e0%b7%92%e0%b6%a2%e0%b7%9a%e0%b6%af%e0%b7%8f%e0%b7%83-2

සිංහල භාෂාව තේරුම් ගත හැකි මඩකලපුවේ ඇතැම් නිලධාරීන් සිංහල භාෂාවෙන් ලැබෙන ලිපි ‘ප්‍රසිද්ධියේ කුණු කූඩයට’ දමන බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මඩකලපුවේදී ඊයේ (දෙසැ. 21) මෙම ප්‍රකාශය කළේ බොදු බල සේනා, සිහල රාවය සහ සිංහලේ ඇතුළු සංවිධාන කීපයක නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.

“මේ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල සුළුතරයක් වන සිංහල ජනතාවට ග්‍රාම සේවකගෙන් ලිපියක් ලබාගන්න බැරි අවස්ථා තියෙනවා. ඡන්ද නාමලේඛනයට නම ඇතුල් කරන්නේ නැති ප්‍රශ්න තියෙනවා. එකම සිංහල නිලධාරියෙක්වත් නැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල තියෙනවා. සිංහල භාෂාව තේරෙන අනෙකුත් ජාතීන්වල නිලධාරීන් සිංහල භාෂාවෙන් ලියුමක් දුන්නම ප්‍රසිද්ධියේ කුණු කූඩයට දාන තත්වයක් මතුවෙලා තියෙනවා.” යනුවෙන් අධිකරණ ඇමතිවරයා පැවසීය.

මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පැවති මෙම සාකච්ඡාවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සහ අම්පිටියේ සුමනරතන හිමියෝ ද වැඩමකර සිටියහ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව මුහුණ දෙන ගැටලු මෙන්ම ශාසනික ප්‍රශ්න සහ පුරාවස්තු සුරැකීම සම්බන්ධව මතුවී ඇති ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡාවී තිබේ.

අම්පිටියේ සුමනරතන හිමියන් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නද අපක්ෂපාතීව ඉදිරිපත් කළ බව අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

(බිබිසි සංදේශය)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article