Sunday, April 28, 2024

සමන් රත්නප්‍රියට තනතුර අහිමි වෙයි. සභාපති චින්තක බණ්ඩාර

Must read

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය දැරූ සමන් රත්නප්‍රිය මහතාට එම තනතුර අහිමි වූ බව වාර්තා වෙයි.

මෙතෙක් රත්නප්‍රිය මහතා දැරූ සභාපති ධුරය සඳහා චින්තක බණ්ඩාර මහතා පත්කරගනු ලැබ සිටී.

‘ජනවාරි8’ දේශපාලන වෙනසට ප්‍රබල ලෙස දායකත්වය සැපයූ ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය මෙතෙක් දැරුවේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය විසිනි.

යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ආණ්ඩුව සමග සමීප සබඳතා පැවැත්වීම මුල් කරගනිමින් පසුගිය කාලයේ ඔහුට විවිධ චෝදනා එල්ල විය. ජාත්‍යන්තර කම්කරු සහ වෘත්තීය සමිති සමුළු සඳහා සහභාගිවීමට සෙසු වෘත්තීය සමිති නායකයන්ට හිමිවිය යුතු අවස්ථාවන් අහිමි කළ බවට වන චෝදනාවක් ද ඒ අතර විය.

එම කරුණු සැළකිල්ලට ගනිමින් පසුගිය සතියේ රැස්වූ වෘත්තීය සමිති පෙරමුණ එහි සභාපති ධුරය සඳහා වෙනත් වෘත්තීය සමිති නායකයෙකු පත්කර ගැනීමට පියවර ගෙන ඇත.

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ ලේකම් තනතුර සඳහා උදේණි දිසානායක පත්කරගෙන ඇත.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article