Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

සදා අමතක නොවන ‘කිලි පියනම’ ඝාතනයට වසර 16ක්

Must read

දෙමළ ජනතාවගේ සිත්හි සදාකාලිකව සටහන්වී ඇති  කිලි පියතුමාගේ  16 වැනි සංවත්සර සැමරුම පසුගිය (20) හැඟුම්බරව වවුනිකුලම් ප්‍රදේශයේදී පැවැත්විණි.

2008.04.20 වන දින මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි වන්නිවිලංගුලම් අම්බාල්පුරම්  ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුද හමුදාව  විසින් එල්ල කරන ලද ක්ලේමෝ ප්‍රහාරයකින් මියගිය  කරුණාරත්නම් පියතුමා (කිලි පියතුමා) ගේ 16 වන සංවත්සරය පසුගිය (20දා) පැවැත්විණි. වවුනිකුලම්  වේලන්කන්නි මාතා විහාරස්ථානයේ සංවේදී ආකාරයෙන් සිහිකිරීම් සිදුවිය. පසුව කිලී පියතුමාගේ සොහොන් කොත අසලදි යාඤාවන් සිදුකරන ලදි.

මන්නාරම රදගුරු පදවියේ පූජක පෙප්පි සොසෙයි  පියතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි.ඒ සමඟම යුද්ධයේදී යටත් වී අතුරුදන් වූ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා වෙනුවෙන් අතුරුදහන් වූවන්ගේ   ඥාතීන් විසින් යාඥා ද සිදු කරන ලදි.

ෂන්මුගම් තවසිලන්

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article