Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාස්කු වින්ඳිතයින්ට යුක්තිය ඉල්ලා මඩකලපුවේදී විරෝධතාවක්

Must read

2019 පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සහ  වින්ඳිිිිිිිතයින්ට යුක්තිය ඉල්ලා සිදුකළ  උද්ඝෝෂණයක් ඉරිදා පෙරවරුවේ මඩකලපුව ගාන්ධි උද්‍යානය අසලදී පැවැත්වුණු අතර, ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් එහි ඉදිකර ඇති ස්මාරක අසලදී ඔවුන්ට උපහාර දැක්වීය.
2019.04.21 වන දින දිවයිනේ සමහර ප්‍රදේශවල ක්‍රිස්තියානි දේවස්ථානවලට එල්ල වූ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිනිස් ජීවිත සිය ගණනක් බිලිගන්නා ලදී. නමුත් වසර පහක් ගතවී ඇතත් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත.
මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජ ක්‍රියාකාරී සංගමයේ සංවිධානයෙන් අද (2024.04.21) පෙරවරුවේ මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී ජීවිත අහිමි වූ ජනතාවට යුක්තිය පසිඳලීම සඳහා යාච්ඥා කිරීම සඳහා මෙම අවධානය යොමු කෙරිණි.
කාලයාගේ ඇවෑමෙන් ප්‍රහාරයේ මහ මොළකරුවන් හඳුනාගත යුතුය. වින්දිතයින්ට සාධාරණය ඉටු කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් විය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article