Friday, May 3, 2024

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටියදි 78 වියැති ගෝපාල් රාඕ මිය යයි

Must read

රාමේෂ්වරම්, අප්‍රේල් 23 (ද හින්දු) – කර්නාටක ප්‍රාන්තයේ බෙංගලෝරුවේ ගෝපාල් රාඕ නමැති 78 හැවිරිදි පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට රාමේෂ්වරම්, ටීඑන් හි ධනුෂ්කොඩි දූපතට පිහිනමින් සිටියදී හෘදයාබාධයකින් මිය ගිය බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

රාඕ මහතා ශ්‍රී ලංකාවේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට  පිහිනායාමට එක්වු පිහිනුම් ක්‍රීඩකයින් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකයෙකි. පිහිනුම් ක්‍රීඩකයින් රාමේෂ්වරම් සිට බෝට්ටුවකින් පිටත්ව ගොස් අප්‍රේල් 22 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණ තිබුනි.

අප්‍රේල් 23 වැනි දින අලුයම 12.10 ට ඔවුහු ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දෙසට පිහිනීමට පටන් ගත්හ.

පේළියේ තෙවැනි පිහිනුම් ක්‍රීඩකයා ලෙස සැලකෙන ගෝපාල් රාඕට යම් අපහසුවක් දැනෙන්නට පටන් ගෙන තිබුණි එදින  පාන්දර 3.10 ට පපුවේ ඇතිවු වේදනාවක් ගැන පැමිණිලි කර ඇති අතර  ඔහුට පිහිනන්නන් සමඟ පැමිණි බෝට්ටුවට නැඟීමට වහාම උදව් කරන ලදී. කෙසේ වෙතත්, ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරයා පසුව ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ කළේය.

ගෞරවයක් වශයෙන් අනෙකුත් සියලුම පිහිනුම් ක්‍රීඩකයින් පිහිනුම්  ඉසව්ව අවලංගු කර බෝට්ටුවකින් ධනුෂ්කොඩි දූපතට ළඟා විය.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාමේෂ්වරම් රජයේ රෝහල වෙත යවා ඇත. මේ සම්බන්ධයෙන් රාමේෂ්වරම් නගර පොලිසිය නඩුවක් ගොනු කර ඇත.

පිහිනුම් ක්‍රීඩකයින් පිරිස ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් දෙකෙන්ම මේ සඳහා අවශ්‍ය සියලුම අවසර ලබාගෙන තිබූ බවද පැවසේ.

මුලාශ්‍රය – ඩේලි මිරර්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article