Saturday, May 18, 2024

සටනට පන දෙන්න සජි්ත් රවි එක මිටට !

Must read

 

Ravi and teamඅද (30) “ජන වරමට ගරු කරනු – පාර්ලිමේන්තුව වහා කැඳවනු” මැයෙන් වූ කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි විරෝධතා රැලියේ වේදිකාවට ගොඩවූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එජාප උප නායක සජිත් ප්‍රේමදාස දෑත් එකට එක්කර සිය පාක්ෂිකත්වය පෙන්වීම හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් දියත්කර ඇති සටන තවත් පන්නරය වූ බව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ අදහස වී ඇත.

මේ සම්බන්ධව අදහස් දැක්වූ පක්ෂයේ ප්‍රබලයින් මෙන්ම බිම් මට්ටමේ සාමාජිකයන්ද සඳහන් කර සිටියේ මෙම නායකත්ව සමඟිය එක්සත් ජාතික පෙරමුණ මූලිකව දියත්කර ඇති සටනට සහය දෙන අනෙක් පාර්ශවයන් වෙතද උත්තේජනයක් සැපයූ බවය.

එසේම පක්ෂ අභ්‍යන්තරයේ පැවති ප්‍රශ්න සමස්ථ රටේම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටුණු අවස්ථාවක පක්ෂ ප්‍රශ්න අමතක කර එකතුවීම මෙන්ම සිරිසේන ජනාධිපතිගේ මහා පාවාදීම හමුවේ නොසැළී ඊට මුහුණදීම කදිම ජනතා  නායකත්ව ලක්ෂණයක් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article