Saturday, May 18, 2024

පොලිස් ඔත්තුකරුවෙකුගේ කීමට 62 ලක්ෂයක් ජනයා පාවාදුන් ජනපතිට එරෙහිව සිවිල් සාමාජයත් පෙළගැසෙයි !

Must read

විරෝධයපැවැති රාජපක්ෂ භිෂණයට නොබියව පාරට පැමිණ දැවැන්ත ජනඅරගලයක් තුලින් මේ රටතුල යහපාලනය ස්ථාපිත කිරිම සදහා සිය දායකත්වය සපයාදුන් සිවිල් සමාජ ක්‍රියාකාරින් ජනපති සිරිසේනට සිය විරෝධය පළකරමින් පාර්ලිමේන්තුව යළි කැදවන ලෙස ඉල්ලා පලමු වරට යළිත් වරක් අද පාරට පැමිණ තිබේ.
පොලිස් ඔත්තුකරුවෙකු යැයි කියන නාමල් කුමාරගේ ගේ දුරකථන සංවාදයක් අරභයා 62 ක් ලක්ෂයක් ජනයා පාවාදුන් ජනපති සිරිසේනට එරෙහිව අදින් ඇරඹුන මේ විරෝධය සකාලාකාරයෙන් ඉදිරියටම ගෙන යන බව මේයට එක්ව සිටි සිවිල් ක්‍රියාකාරිහු සපථ කොට කියා සිටියහ.
දුෂණ විරෝධි බලකාය යැයි කියාගත් සංවිධානයක මාධ්‍ය අධ්‍යක්ෂකවරයා යැයි ඔහු විසින් සදහන් කරන  නාමල් කුමාර විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පදනම් කොටගෙන තවමත් පරික්ෂණ සිදුකරමින් තිබෙන තිබියදි ඝාතන කුමන්ත්‍රණ කථාවක් ඉදිරියට දමා 62 ලක්ෂයක ජනයාව යළිත් වරක් භිෂණකාරි යුගයකට තල්ලුකරදමන්නට ජනාපති විසින් කටයුතු කර තිබිම සමස්ථ සමාජය තුලම දැඩි පිළිකුලට ලක්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article