Monday, April 29, 2024

සජබෙ කොටසක් මැතිසබය වර්ජනය කරයි ! රාජිත ඇතුළු පිරිසක් බෑ කියයි ?

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් අද (7)වර්ජනය කිරීම විශේෂ සිද්ධියක්  වු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

පාර්ලිමේන්තුව ආරම්භයේදී සභාගර්භයට පැමිණ සිටි විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන්  පිරිසක් ජනාධිපතිවරයා කතාව පැවැත්වීම ආරම්භ කිරීමත්  සමග සභාගර්භයෙන් පිටව යනු දැකගත හැකිවු බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් සභාගර්භයෙන් එසේ පිටව ගියද රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ෆිල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා,ඉෂාක් රහුමාන් , වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ  ෆයිසල් කාසිම්   ඇතුළු  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු  පිරිසක්   සභාගර්භයේ දිගටම රැඳී සිට ඇත

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article