Saturday, May 18, 2024

සංචාරක ව්‍යාපාරය බිඳ වැටේ ! ණය ආධාර නවතී ! මුදල් පණත් සම්මත කිරිම් ඇණ හිටි !

Must read

MY 3 1සති තුනක් පුරාවට රට උපරිම අර්බුදයට යවමින් දිග්ගැස්සෙමින් තිබෙන අවුල මේ වන විට මුළු මනින්ම රටේ ආර්ථිකය බිමට හාන්සි කර තිබේ.
සංවාරකයන් හට වඩාත් අකාර්ශණිය සහ අාරක්ෂිත ගමනාත්තයක් ලෙසින් ඇගයුම් ලබා සංචාරකයන්ගේ  පැමිණිම් ධනාත්මක වර්ධනය කරා යොමුවෙමින් තිබියදි රාජ්‍ය නායකයා විසින් දියත් කරන්නට යෙදුන කුමන්ත්‍රණයක් හේතුවෙන්  මෑතක යළි ගොඩගත නොහැකි තැනකට විශේෂයෙන්ම රටේ ආර්ථිකය ඇද වැටි තිබේ.
මිළට ගත් පසු යළි ආපසු මුදල් ලබාගැනිමට නොහැකි අඩුගණන් ගුවන් ටිකට් පත් මිළට ගත් සංවාරකයන් හැරෙන්නට අන් කිසිවෙකුත් නොපැමිණෙන බව සංවාරක කර්මාන්තයේ නියැලි ව්‍යාපාරිකයෝ කියති.
මේ පසුබිම තුල හෝටල් කාමර වෙන් කිරිම සදහා කලින් සුදානම් කර සිටි බහුතරයක් ඒසේ කර තිබුණ කාමර වෙන්කිරිම් දැන් අවලංගු කර තිබේ.
මේ නිසා දැන් සංචාරක කර්මාන්තය තුල නියැලි සිටින දහස් ගණනක් ආර්ථික අනාථභාවයට පත් කර තිබේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රිලංකා වැඩසටහන යටතේ ණය ලබාගෙන සංවාරක කර්මාන්තය දියුණු කිරිමට සැලසුම් කරගෙන සිටි ව්‍යාපාරිකයෝ දැන් ජනපති සිරිසේනටත් මහින්ද රාජපක්ෂට දෙස් තියති.
මේ අතර ජාත්‍යන්තර ආධාරද දැන් නවතින තැනට කටයුතු සිදුව තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලංකාවට නිකුත් කිරිමට නියමිතව තිබුණ ණය ආධාර මේ අනුව නවතා දමා ඇතැයි මාධ්‍ය විසින් දැන් වාර්ථා කර තිබේ.IMF loans
රජයේ කටයුතු කරගෙන යාම සදහා අවැසි මුදල් වෙන්කර ගැනිම් සදහා වන මුදල් කෙටුම්පත් අනුමත කරගැනිමට දැන් නොහැකිව තිබිම නිසා ඉදිරියේදි තවත් බරපතල තත්වයක් රාජ්‍ය මුල්‍ය ක්ෂේත්‍රය තුල මතුවිමට නියමිතය.
පසුගිය දිනක ජනපති සිරිසේන හමුවු ප්‍රධාන රටවල් කිපයක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් පිරිසක් කියා තිබුනේ අර්බුදය කඩිනමින් විසදාලිමට ජනපති කටයුතු නොකරන්නේ නම් එහි ඵල විපාක බරපතල වනු ඇති බවය.විශේෂයෙන්ම රාජ්‍ය්‍ තාන්ත්‍රික කේෂ්ත්‍රය ගැටළු රැසක් මතුවිය හැකි බවද ඔවුන් පෙන්වා දි තිබුණි.
ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය යුරෝ සංගමය සහ ඔස්ට්‍රේලියාවද මේ හමුවට එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article