Sunday, May 5, 2024

අංක තහඩු නැති පොලිසිය ගැන ප්‍රශ්ණ අහපු බයියන්ට මෙන්න උත්තරේ !

Must read

police issue
දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් එළියට දැමීමට පොලිසියෙන් පැමිණීම
පාර්ලිමේන්තුව තුල පැවැති කලහකාරි තත්වය තුල එහි ගිය පොලිසිය හොර පොලිස් යැයි කියමින් පසුගිය දිනවල පොහොට්ටු දේශාපලකයන් මෙන්ම ඔවුන් අනුබද්ධිතව ක්‍රියාත්මක සමාජ මාධ්‍ය කණ්ඩායම් විසින්ද මතු කර  තිබුුණි.මේ ඵිළිබදව උසස් පොලිස් නිලධාරියෙක් කරන ලද කරුණු පැහැදිලි කිරිම මෙසේය.‘‘පාර්ලිමේන්තුවේ සභාවට යෑමට පොලිසියට තහනම්. නමුත් කතානායකවරයාගේ විශේෂ අවසරයක් ඇත්නම් හා කතානායකවරයා කැඳවීමක් කළොත් පොලිසියට ඇතුළට යන්න පුලුවන්.  මීට පෙරත් පොලිසියෙන් සභා ගැබට ගිහින් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා මන්ත්‍රීවරයකු ලෙස සිටිය දී පවා එක් අවස්ථාවක එවකට කතානායකවරයාගේ නියෝගය අනුව පොලිසිය සභාවට ගිහින් මන්ත්‍රීවරයා උසවාගෙන සභාවෙන් එළියට ගෙනාවා..
මෑතක හොඳම උදාහරණය තමයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ සිද්ධිය. 2017 මාර්තු 08 වැනි දා කතානායකවරයා නියෝගයක් දුන්නා දිනේෂ් ගුණවර්ධන මහත්මයව සභාගැබෙන් ඉවත් කරන්න කියලා. එදා පොලිසියේ අය ගියෙත් මේ විදියටම තමයි. එදා වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරීක්ෂා කළා නම් බලාගන්න පුලුවන් පොලිසිය හිටිය විදිය.මිරිස් ප්‍රහාරය

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු පොලිසියට උපදෙස් පන්තිවලදිත් උපදෙස් දෙනවා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂාවෙන විදියට වැඩ කරන්න කියලා. සභාව ඇතුළට කතානයකගේ කැඳවීමකට ගිය පසු මන්ත්‍රීවරුන් පොලිසිය සමඟ පොර බදන්න පුලුවන්. උදාහරණයක් විදියට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස නියෝග කළොත් පොලිසිය මන්ත්‍රීවරයා අරගෙන යද්දි පොරබැදීමක් වෙන්න පුලුවන්. ඒවගේ වෙලාවට නම් සහිත තහඩු සහ අංක තහඩු මන්ත්‍රීවරුන්ගේ ඇඟේ පැටලිලා තුවාල සිදුවෙන්න පුලුවන්. ඒ නිසා තමයි සභාවට යද්දි අංක තහඩු සහ නම් සටහන් තහඩු ගලවලා යන්න කියන්නේ. මේක සාමාන්‍ය දෙයක්.‘‘
මුලාශ්‍රය – ලංකාදිපය

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article