Sunday, May 19, 2024

සංචාරක නෙත නොගැටුණූ පස්සර කුඩා ලෝකාන්තය

Must read

TEST.JPG00000

02 ලෝකාන්තය

නිවාඩු පාඩුවේ විනෝද චාරිකාවකට එක්වන බොහෝ දෙනෙකු ඒ සදහා ඌව පළාත තෝරා ගන්නටද අමතක නොකරති.
දෙස් විදෙස් සංචාරකයින්ගේ මන දොල පුරවාලන තරමේ සංචාරක ස්ථාන රැසක් ඌව පළdත තුල පිහිටා තිබීම ඊට ප්‍රධානතම හේතුව වී ඇත.
දඹාන,සොරබොර රාවණා ඇල්ල, දුංහිද ,දියලුම , ඇල්ල , රාවණා ඇල්ල, ආදිවූ ඌව පළාතේ පිහිටි ප්‍රසිද්ද සංචාරක ස්ථානයන් ගැන බොහෝ දෙනා දැන සිටියත් මෙතෙක් ලෝකයට නිරාවරනය නොවූ සුන්දර ඉසව් රැසක්ද ඌව පළාත තුල පිහිටා තිබේ.
බදුල්ල පිටමාරුව ප්‍රදේශයේ තේ වතු යායකට මායිම්ව පිහිටි කුඩා ලෝකාන්තයද තවමත් හරිහැටි සංචාරක නෙතට හසු නොවූ අපූරු සංචාරක ඉසව්වකි.

TEST.JPG00000

TEST.JPG00000
ගත සනහන පරිසරයත් බැලූ තෙක් මානය පුරා විහිද යන නීල හරිත තුරු ලතාවනුත් තැන තැන විවිධ වර්ණයන්ගෙන් පිරීගිය පුIaපයන්ගෙන් සුසැදි ගහ කොලත් පුංචි ලෝකාන්තය පිහිටි ඉසව්වට ගෙන දෙන්නේ අපමන සුන්දරත්වයකි.
බදුල්ල නගරයේ සිට පස්සරට පැමිණ එතැනින් පස්සර පිටමාරුව මාර්ගය ඔස්සේ ගමන් කර සුන්දර මඩොල්සිම නගරය හරහා තවත් කිලෝමීටර් කීපයක් ගමන් කිරීමෙන් මෙම ඉසව්ව වෙත ලගා විය හැක.
බදුල්ල නගරයේ සිට එහි යාමට ඇති මුලු දුර කිලෝමීටර් 61 ක් පමණ වේ
මහනුවර සිට පැමිනෙන්නේ නම් බදුල්ල රන්දෙණිගල මාර්ගයේ මීගහකිවුල නගරයට පැමිණ එතැනින් පිටමාරුවට ගොස් මෙම ස්ථානය වෙත යා හැකිය. මීගහකිවුල නගරයේ සිට මේ සදහා කිලෝමීටර් 35 ක් පමණ ගමන් කල යුතු අතර එම මාර්ගයේ යා හැක්කේ යතුරු පැදි ජීප් රථ ආදී වාහණ වලට පමණක් බවද සිහිතබා ගතයුතුය.
මෙම කුමන මාර්ගයක් ඔස්සේ ගමන් කලද ගමන් ගන්නා මග දෙපස පිහිටි තේවතු දිය කඩිති , පිටිසර ගම්මාන ,කුඩා දිය ඇලි නිසා කිසිදු වෙහෙසකින් තොරව ගමනාන්තය කරා ලගා විය හැකි බවද සිහිපත් කල යුතුය .
ගමන අතරතුරදී මෙරට ප්‍රථම අගමැතිවරයාගේ නමින් නම් කොට ඇති එතුමන්ගේ රුවට සමාන දැවැන්ත ගල් ශිඛරයක් වන ඩී එස් ගල හෙවත් කොකාගල නැරඹිමේ අවස්ථාවද ඔබට හිමිවනු ඇත.පුංචි ලෝකාන්තය 9
කුඩා ලෝකාන්තය නරඹිම සදහා එතරම් දුරක් පා ගමනින් යා යුතු නොවන අතර ප්‍රධාන මාර්ගයේ සිට එයට ඇති දුර මීටර් 50 කටත් අඩුය.
එක්වරම පහලට විහිද ගිය එහි බෑවුම අඩි 1250 ක් පමණ වන අතර දර්ශණ පථය සැතපුම් සිය ගණනක් දක්වා විහිද යයි.මෙම ස්ථානයේ සිට බැලූ විට බිබිල මහියංගණ මාර්ගය ඇතුලු මාර්ග ගණනාවක් මෙන්ම වැව් හා ජලාශ රැසක්ද නිරීක්ෂනය කල හැකිය.
මෙහි එක් පසෙක දර්ශණ පථය අම්පාර මඩකලපුව නැගෙනහිර වෙරල තීරය දක්වා විහිද යන අතර අනෙක් පස මහියංගන පොලොන්නරුව තෙක් විහිද යයි.
මිහිදුමින් ඉද හිට එල්ලවන බාධාවන් හැරුනු විට ඔබේ රස වින්දනයට මේ පාරාදිසයේදී යම් බාධාවක් එල්ලවන්නේ නම් ඒ ඉදහිට වතු කම්කරුවෙකුගේ මුවින් නික්මෙන හු හඩකින් පමණී.
නුවරඑළියේ පිහිටි මහා ලෝකාන්තයට යද්දී දැනෙන තරමේ දැඩි ශීතලක් නොවූවද මෙහි ඇති සෞම්‍යය දේශගුණය සැබැවින්ම ආශ්වාදජනකය.පුංචි ලොකාන්තය 10
පුංචි ලෝකාන්තයේ තුන් පසෙකින්ම ඇත්තේ බැලූ තෙක් මානයේ විහිද යන සුන්දර තේ වගාවන්ය. ඉහලට වැඩී ගිය ගස් සහිත බිම්තීරුවද, නෙල්ලි කහට ඇඹුල්පේර ආදීවු ගස් සහිත පතන් බිමද මෙම බිම්තීරුවට ගෙන එන්නේ මනා සුන්දරත්වයකි.
මෙම ස්ථානයේ සිට මීටර් සියයක් පමණ ඈතට වන්නට මෙවැනිම තවත් ලෝකාන්තයක් පිහිටල තිබෙතත් බොහෝ නෙකු රැදි සිටීමට තෝරා ගන්නේ මෙම ස්ථානය බව මේ ගමනේදී අපට හමුවූ වතු කම්කරුවෝ පිරිසක් පැවැසූහ.
කලකට පෙර මෙම කොටස්වල කුලු හරකුන් සිටි බව අවට ගම්මානවල පිරිස් පැවැසුවද අද වන විට මෙම සත්ව විශේෂය වදවී ගොසිනි. එහෙත් මෙහි පැමිනෙන්නෙකුට වලි ඌරන් , මුවන් , ගෝනුන් , වළි කුකුලන්, හාවුන් , වැනි සතුන් දැක බලා ගැනීම එතරම් අපහසුවක් නොවනු ඇත.
එසේම මෙහි ඇති ගහ කොල මත නිදහසේ සැරි සරන කුරුල්ලන් විශේෂ රැසක්ද නැරඹිමට ඔබ වාසනාවන්තය.එසේම විවිධ වර්ගයේ ශාඛ , ඔසු පැලෑටි ආදිය පිළිබද හදාරන්නන්ටද මෙය කදිම තෝතැන්නකි.
මෙම ස්ථානය මේ වන විට පස්සර ප්‍රාදේශීය සභාව මගින් ආරක්ෂීත ලෙස සකස් කර ඇතත් පැමිනෙන සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා විවිධ අනතුරු සිදුවීමේ අවධානමක් නැතැයි කියාද කිව නොහැක.
සංචාරකයින් දහස් ගණනින් ගැවසෙන සංචාරක පුරවරයක් නොවූවත් මෙහි පැමිනෙන ඔබ වසගයට පත්කරවන සුන්දර දසුන් පෙළක් උරුම වූ පුංචි ලෝකාන්තය ඌව පළාතට පැමිනෙන ඔබ අනිවාර්්‍යයයෙන්ම නැරඹිට අවශ්‍යය ස්ථානයකි.
ඔබ මෙහි පැමිනෙන්නේ නම් අනිවාර්්‍යයයෙන්ම අවශ්‍යය ආහාර රැගෙන ආයුත්තේය.එසේම නැවැතී සුන්දරත්වය අත්විදින්නට ඇවැසි අය කුඩාරම් රැගෙන ඒමටද කූඩැල්ලන්ගෙන් ප්‍රෙව්ශම් වීමටද සිහි තබා ගත යුතු අතර තම ආරක්ෂාව සලසා ගැනීමටද නිරතුරුවම මතක තබා ගත යුතුය.
මෙය විවෘතව තැබෙන වේලාවක් හා ප්‍රෙව්ශ පත් මිලදී ගැනීමක් අවශ්‍යය නොවීම එක් අතකින් බොහෝ දුර කතර ගෙවා මෙහි පැමිනෙන සංචාරකයින්ට මහත් අස්වැසිල්ලකි.
මීගහකිවුල එන් නවරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article