Sunday, May 19, 2024

ගල්ගමුවේ දළ පුට්ටුවා මරා දමලද ?

Must read

දල පුට්ටුවාවැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව

මට නම් හිතෙන්නේ මේ දළ යුගල ගල්ගමුව දළපූට්ටුවාගේම දළ යුගල මිස අනෙකක් නොවන බවයි. (මගේ ප්‍රාර්ථනාව වන්නේ එසේ නොවේවා යන්නයි.)

මා එසේ කියන්නේ ගල්ගමුව දළ පූට්ටුවාගේ එක් දළක කෙළවර කැඩී ගොස් තිබුණි. මගේ මතකයේ හැටිය ඒ දකුණු දළයි.

පොල්පිතිගමින් අල්ලාගත් දළ යුගලයේ ද එක් දළක් කැඩී ගොස් තිබුණි.
එය එසේම වී නම් වසර හත අටක් ඇතුළත ගල්ගමුව වන ජීවී කලාපය තුළදී මරා දැමූ තුන්වැනි හෝ හතරවැනි දළ ඇතා බවට ගල්ගමුවේ දළපූට්ටුවා පත්වනු ඇත.

• සියඹලන්ගමුවේ දළ ඇතා මරාදැමුවේ නිලධාරීන්ගේ වරදිනි
• ඉන්පසු තනි දළයෙකු ද මරා දමා තිබුණි.
• එසේම තවත් දළ ඇතෙකු විදුලි සැර වද්දා මරා දමා ඇති බවට රාවයක් තිබේ. ( ඒ ගැන හරි හැටි තොරතුරු දන්නේ නැත.)

දැනට සොයාගෙන ඇති දළ යුගල ගල්ගමුව දළපූට්ටුවාගේම නම් ඒ ලැයිස්තුවට අලුතින්ම එකතුවන්නා බවට ඔහු පත් වනු ඇත.

මේ සියලු අලි මරණයන්ට වගකිවයුත්තතෝ වන අලි ගැන තීන්දු තීරණ ගන්නා වූ බලධාරීන් මෙන්ම නීලධාරීන් මිසෙක අන් කවරෙකුවත් නොවේ.

සියඹලන්ගමුවේ ඇතා මරා දැමූ පසු අලි සුරකින ( කළමනාකරණ ) ව්‍යාපෘති ගැන වැඩි කතා බහක් ඇතිවිය. නමුත් සියඹලන්ගමුවේ ඇතාගේ ඇඟේ මස්ටික පොළවට පස්වෙන්නටත් කලියෙන්ම ඒ සංවාදය අවසන් වූවා පමණක් නොව ඉන් ලැබුණු ප්‍රයෝජනයක්ද නැත.

එසේම කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අලි කතාවෙන් පසු යළි ඒ ගැන සංවාදයක් ඇති විය. එය ද ලත් තැනම ලොප් විය.( ඒ පණිවිඩයේ හරය අවබෝධ කර නොගෙන පණිවිඩකරුට ගිනි බිඳිමිනි.)

දැන් යළිත් ඒ ගැන කතාබහක් ඇතිවනු ඇත.සත්‍යවශයෙන්ම ගල්ගමුව දළ පූට්ටුවා මරා දමා ඇත්නම් ඔහුගේ මස් ටික පසට පොහොර වන්නටත් කලියෙන් ඒ සංවාදයද අවසන් වනු ඇත.

ඉඳීන් ලංකාවේ අලි කලමනාකරණය ගැන කවර කතාද ? අලි කලමනාකරණය යනු අලි සංගණනය නම් නොවේ. ලංකාවේ මෑත කාලයේ අලි සංගණනයක් නිසි පරිදි සිදු කරලාද නැත.

ඒ වගේම තවමත් ලංකාවේ GPS කොලරින් සිස්ටම් එකක් එකක් හෝ ඇති කරන්ට කටයුතු කර නැත. කළ යුතු දෑ නොකර පාරම් බෑවාට පලක් නැත.

එසේම අඩුම තරමේ DNA ඩේටා බේස් එකක් හෝ අපරටේ පවත්වාගෙන යන්නේ නැත. යාවත්කාලීන කරන DNA ඩේටා බේස් එකක් හෝ පවත්වාගෙන ගියා නම් පරීක්ෂණ සඳහා මෙතරම් දතකන්නට වන්නේ ද නැත.

නමුත් වගකිවයුත්තෝ මර නින්දේය. සංවාදයක් ඇති කරන්නට උත්සාහ දරන්නන්ට නැඟිටින්නට දෙන්නේ ද නැත. එසේම වන සතුන් ගැන පර්යේෂණ කරන්නන් , පරිසරවේදීන් ලබා දෙන අදහස් හෝ යෝජනා ක්‍රියාත්මක කරන්නට නිලධාරීන්, බලධාරීන් සූදානම් ද නැත.

ඒ ඉන් ඔවුන්ගේ රදළවාදයට හානි වේ යැයි ඔවුන් සිතන නිසාද එසේත් නැත්නම් ඉන් ඔවුන්ය මදි පුංචිකමක් වේ යැයි සිතන නිසාද දන්නේ ද නැත.

ඉඳින් කියන්නට වෙන්නේ “වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව” කියාම පමණි.

(ඩිලන්ක ගුණතිලකගේ  මුහුණු පොතෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article