Sunday, May 19, 2024

තංගල්ලේ බස් රථ අනතුරකින් 13කට තුවාල

Must read

තිස්ස ,මාතර ප්‍රධාන මාර්ගයේ  කතරගම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු  පුද්ගලික මගිප්‍රවාහන බස්රථයක්  තංගල්ල යායවත්ත ප්‍රදේශයේ දී ගසක ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇත. මේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 13 දෙනෙකු තංගල්ල රෝහලට ඇතුලත්කර  තිබේ.අනතුරින් තුවාල ලැබූ පිරිස අතර පිරිමි පුද්ගලයින් 12 හා එක්  කාන්තාවක්ද වන අතර තුවාල ලැබූ පිරිමි අය අතර විදේශිකයෙකුද සිටින බවයි පොලිස් වාර්ථා සදහන් කරන්නේ.

අද(28) අළුයම 4 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ඒ අවස්ථාවේදී පැවැති වර්ෂාව නිසා මාර්ගය ලිස්සන සුලු වීමත්,බස් රථයේ අධික වේගයත් නිසා රියදුරාට රථය  පාලනය කරගැනීමට නොහැකිවී මෙම අනතුරට හේතුව වන්නට ඇති බවයි  පොලීසිය සැක කරන්නේ.

අනතුරෙන් පසු රෝහල් ගත කල පුද්ගලයන්ගේ තත්වය බරපතල නොවන අතර රිය අනතුරින් පසුව බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා පලා ගොස් තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා තංගල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

1

5

 

ඡායාරූප – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – අම්බලන්තොට

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article