Wednesday, May 8, 2024

සංචාරක නිකේතනයට පැමිණි සද්දන්තයා !

Must read

කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ සිට කලාවැව ඉස්මත්තේ සිටින සිය රංචුව සොයා එගොඩවීමට යන අතරතුර කලාවැව මහවැලි සංචාරක නිකේතනයට  පැමින කලහකාරී ලෙස හැසිරුනු වල් අලියකු නිසා එහි කාර්ය මණ්ඩලය මෙන්ම ගම්මානයේ ජනතාව ද භිතියට පත්වූ ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

විජිතපුර හා ගල්කිරියාගම වනජීවී කාර්යාලවල නිලධාරීහු පැමිණ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව එම වන අලියා කලාඔය ආසන්න රක්ෂිතයකට පලවා හැරීමට කටයුතු කර ඇති බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශ වලින්  අලි පුවත් වාර්තා වෙමින් තිබේ. ඒවායේ ස්වභාවය අනුව පෙනි ජන ජිවිතය අවදානමේ හෙලන අන්දමේ සිදුවිම් පසුගිය දිනවල වැඩියෙන් වාර්තා වෙමින් ඇති බවය.

කෙසේ වෙතත අලි මිනිස් ගැටුම නිසි ලෙසින් කළමණාකාරණය කිරිම සදහා මේ දක්වා කිසිදු සාර්ථක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වු බවක් නොපෙනේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද රැසක් නිර්මාණය කිරිමට මුල් වු ඇමති වරයෙකු යටත් දැන් පරිසරයද භාර වි තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article