Wednesday, May 8, 2024

සංක්‍රමණ කතාවේ නොදුටු පැතිකඩක් ? උදන්ගේ වාර්තා චිත්‍රපටය තිරගත කිරීම – නොවැ.01, සවස 6 ට

Must read

බුද්ධි ගලනය හෝ සමහර විට බුද්ධි විනාශය ද කියමින් සමාජයේ මේ දිනවල ඇති වී තිබෙනවා උණුසුම් කතාබහක්, සිය දහස් ගණනින් ලාංකිකයින්වෙන රටවල් වලට සංක්‍රමණය වීම ගැන. ඇත්ත, මෑතක හට ගත් ආර්ථික අර්බුදය, සංක්‍රමණය වේගය වැඩි කළා. වෙනත් බසකින් කියනව නම් ටොප් ගියර් එකට දැම්මා. ඒත් migration හෙවත් සංක්‍රමණය, ලංකාවට අලුත් දෙයක් නෙමෙයි.ලංකාවේ මෑත ඉතිහාසය පුරා ම විවිධ කාලවකවානුවල සංක්‍රමණ රටාවන් දකින්න පුළුවන්. 56 න් පස්සෙ බර්ගර්වරු දහස් ගණනින් ලංකාවෙන් සංක්‍රමණය වුණා තමන් දන්න ඉංග්‍රීසි බාසාවෙන් නිදහසේ වැඩ කරගෙන ඉන්න බැරි වුණ නිසා. ඊටත් ඉස්සර කාලවකවානුවක, වෘත්තික මට්ටමේ අයත් කම්කරු මට්ටමේ අයත්, මැලේසියාවට සංක්‍රමණය වුණා ආර්ථික අවස්ථාවලට. මැලේසියාවේ දැන් ඉන්නේ ඒ අයගේ තුන්වෙනි හතර වෙනි පරම්පරාවේ දරුවෝ.
Pastures u2023.10.28
හැත්ත හතෙන් පස්සේ විශාල පිරිස් මැදපෙරදිගට යන්න ගත්තා. ඒක හැරවුම් ලක්ෂයක් සංක්‍රමණ රටාවන්වල. 83 කියන්නෙත් ඉතා ම වැදගත් සන්ධිස්ථානයක් සංක්‍රමණය සම්බන්ධයෙන්. ජනවාර්ගික කාල කෝලහාල නිසා දමිළ ජනතාව දහස් ගණනින් ලංකාවෙන් සංක්‍රමණය වුණා බටහිර රටවල්වලට. 87 – 89 කාලයෙන් පස්සෙත් සිංහල කැරලිකාර කොටස් මේ වගේ රටින් සංක්‍රමණය වුණා. මේ වෙනකොට ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් පමණ ඉන්නේ ඉන්නෙ පිටරට කියලයි කියන්නේ. සමහර අය කියන්නේ ඒ ප්‍රතිශතය ඊටත් වඩා වැඩියි කියලා

 මතුපිටින් පේන හැටියට, අපි බොහෝ අය හිතන් ඉන්නේ, මිනිස්සු සංක්‍රමණය කරන්නේ ආර්ථික වාසි ලබා ගන්න හෝ දේශපාලන අඩත්තේට්ටම් වලින් තොර ස්ථාවර පරිසරයකට යන්න කියලා.ඒ කතාවේ වරදක් නෑ. බහුතරය රට හැර යන්නේ ඒ හේතු දෙක නිසා වෙන්න පුළුවන්. ඒත් රට හැර යන හැමෝම ඔය හේතු දෙකට විතරක් ඇතුල් කරන්න පුලුවන් ද?

384316830 10222114610685425 1444830079983556482 n

ආචාර්ය උදන් ප්‍රනාන්දු විසින් මෑතක අධ්‍යක්ෂණය කරන ලද (Not So) Greener Pastures” හෙවත් “ජයභූමියක් (ම නොවේ)”  වාර්තා චිත්‍රපටයේ අවධාරණය කෙරෙන්නේ සංක්‍රමණ කතිකාවේ නොහොත් ආඛ්‍යානයේ ටිකක් වෙනස් පැතිකඩක් ගැන. මේ චිත්‍රපටිය රූගත කෙරුණේ නැගෙනහිර ටිමෝරයේ. වැඩිය අහලා පුරුදු නැති රටක් පමනක් නොව ටිමෝරය මිනිස්සු සාමාන්‍යයෙන්  සංක්‍රමණය කරන දේශාන්තයක් නොවේ. නව සහස්‍රය ඇරඹෙන කාලයේ ලංකාවේ හතර කොනින් පැමිණි කිහිප දෙනෙකු නැගෙනහිර ටිමෝරයට පැමිණ තාමත් එහි ජීවත්වන කතාවයි චිත්‍රපටියෙන් දිග හැරෙන්නේ. ඔවුන්ගේ සංක්‍රමණ අභිලාෂ හා අත්දැකීම අප සාමාන්‍යයෙන් දන්න කරන කතාවෙන් වෙනස් වන්නේ කෙසේද කියා චිත්‍රපටයෙන් අපට දැක බලාගන්න පුළුවන්.

මේ චිත්‍රපටයේ ප්‍රිමියරය හෙවත් මංගල දැක්ම කෙරුණේ ලන්ඩන් නුවර පිහිටි British Film Institute (BFI) හී ය. ඉන් අනතුරුව නෙදර්ලන්තයේ නෙදර්ලන්තයේත් කාම්බෝජයේ දර්ශන වාර කිහිපයක් පවත්වන ලද අතර දෙසැම්බර් මුල ඕස්ට්‍රේලියාවේ ද දර්ශනයක් පැවැත්වීමට නියමිත යි.

395148097 10160896208147559 8688104745313741162 n

ලංකාවේ මුල් වරට මේ චිත්‍රපටය තිරගත වීම නොවැම්බර් පළවෙනි දින සවස හයට කොළඹ 7, ග්‍රෙගරීස් පාරේ අංක 39 දරණ ස්ථානයේ පිහිටි, Goethe Institut හෙවත් ජර්මන් සංස්කෘතික ආයතනයේ  පැවැත්වෙනවා. මහජනතාවට විවෘත මෙම දර්ශණ වාරය අවසානයේ, අනෝමා රාජකරුණාගේ මෙහෙය වීමෙන් කෙරෙන සංවාද මණ්ඩපයේ ඇරඹුම සඳහා තම අදහස් ඉදිරිපත් කිරීම කොළඹ විශ්ව විද්‍යාලයේ ජාතික සම්බන්ධතා අධ්‍යයන අංශයෙහි, ආචාර්ය පවිත්‍රා ජයවර්ධන ද එම විශ්වවිද්‍යාලයේ ම, සිංහල අධ්‍යයන අංශයේ, ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් විසින් කෙරෙනවා. චිත්‍රපටයෙහි සංක්ෂිප්තය හෙවත් සිනොප්සිසය පහත දැක්වෙනවා.

SYNOPSIS | සංක්ෂිප්තය      Udan F 2023

ජයභුමිය (ක් ම නොවේ)

නව සහශ්‍රය දිග ඇරෙන අවදියේ, ලංකාවේ සිවු කොණින් පැමිණෙන සිවු දෙනෙක් තම රටේ යුද්ධයෙන් හා අනෙකුත් දෝමනස්සයන්ගෙන් මිදී ‘ජයභූමියක’ නව ජීවිතයක් ගොඩනගා ගන්නට වෙනත් රටකට යන ගමන අවසානයේ නතර වන්නේ ලංකාවටත් වඩා දුප්පත්, එකල දරුණු අභ්‍යන්තර  යුද්ධයක එරී තිබුණු, නුහුරු නුපුරුදු  රටක වන නැගෙනහිර ටිමෝරයේ ය. ජයභූමියක ම නොවූවත්  තමන් පය තැබූ ටිමෝර දේශයේ ම කොටසක් වෙමින්, ඒ රටේ ම ඇත්තියන් සමග ආවාහ විවාහ කර ගනිමින්ද, දරු මල්ලන් හදා ගනිමින් දශක දෙකකටත් අධික කාලයක් ගෙවුණු තම ජීවිත ගැන මේ ලාංකිකයින් සිවු දෙනා ආවර්ජනය කරන්නේ ජය භූමියක්, ක්ෂේම භූමියක් හා සරු තණ නිල්ලක් ලෙස සංක්‍රමණිකන් හඹා යන ඉලක්කය මිරිඟුවක් ද යථාර්තයක් ද නොඑසේ නම් ඒ දෙක ම නොවන වෙනත් අනුභූතියක් ද යන්න තමන් හැදුණු වැඩුණු  රට හා අළුත් ජීවිතය ගොඩ නගා ගත් රට අතර දක්නට ඇති සමාන්තර යටත් විජිත ඉතිහාසයන්, යුධ ගැටුම්  ද එකිනෙකට වෙනස්‌ සාමාජීය හා සංස්කෘතික කාරණා තම එදිනෙදා ජීවිතයෙහි අත්දැකීම් ඇසුරින් කෙරෙන විචාරයකිණි.

Four young men, hailing from the four corners of Sri Lanka, leave behind the country’s conflict-ridden shores at the turn of the new century to rebuild their lives in an unusual destination and lesser-known country -Timor-Leste. Driven by personal aspirations as much as the war, they seek to rebuild their lives amongst the ruins of Timor Leste, a country in the shadows of a long-drawn history of colonialism, occupation, and conflict. Nearly twenty years on, the four men recount their – at times – harrowing journeys to gain a foothold in an obscure “greener pasture”, highlighting their camaraderie and the underlying tensions in relationships, the everyday struggles of living in dissonance and the seemingly random events that unexpectedly shape their lives. Interspersed with insights into Timor Leste’s history of conflict, the documentary presents as outsiders, how these domiciled individuals anchored themselves in a new land by navigating and negotiating a scarred political and economic terrain not dissimilar to what they chose to leave behind.

Documentary | 59 mts | Sinhala, Tamil. Tetum & English | With English Subtitles | October 2023 | Dili, Colombo & Singapore

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article