Thursday, May 16, 2024

ෂොපින් බෑග් සහ ලන්ච් ෂිට් මිළත් ඉහලට …..

Must read

පවතින අමුද්‍රව්‍ය හිඟය හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ෂොපින්  බෑග්  එකක් මිල රුපියලත් රුපියල් හතත් අතර මුදලකින් ඉහළ දැමීමට කටයුතු කළ බවත්, ලන්ච් ෂීට් එකක මිල රුපියලකින් ඉහළ දැමීමටත් කටයුතු කර තිබෙන බවත්  සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගෙන් හා ප්‍රතිචක්‍රීකරණය කරන්නගේ සංගමය සඳහන් කරන බව ada.lkවෙබ් අඩවිය වාර්තා තිබේ.

මාස තුනක සිට නිසි ලෙස අමුද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි වී  තිබෙන බවත්, මේ නිසා කර්මාන්ත ශාලා පන්සියක් පමණ තම නිෂ්පාදන කටයුතු අතරහැර දමා තිබෙන බවත් එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා පවසා තිබුණි.

මේ නිසා ආසන්න වශයෙන් 15,000කට පමණ රැකියා අහිමි වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

දැනට ක්‍රියාත්මක කර්මාන්ත ශාල 400ක පමණ ප්‍රමාණයටත් දෛනිකව නිෂ්පාදන කටයුතු කිරීමට ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවත්, අමුද්‍රව්‍ය කිලෝවක මිල මේ වනවිට රුපියල් 500 සිට රුපියල් 750 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ලේකම්වරයා පවසා සිටියේය.

මේ නිසා රුපියලකට අලෙවි කළ ෂොපින් බෑග් එකක තොග මිල රුපියල් 02ක් දක්වාත් රුපියල් පහකට අලෙවි කළ බෑගයක මිල රුපියල් 09 දක්වාත් රුපියල් දහයකට 10 අලෙවි කළ බෑගයත මිල රුපියල් 17 දක්වාත් ඉහළ දැමීමට සිදු වූ බවද හෙතෙම සඳහන් කළේය.

එහෙත් පරිසර හිකකාමී නොවන ෂොපින් බෑග් මීට අඩු මුදලකට වෙළෙඳ පොළ තුළ අලෙවි කරන බවත්, පවතින නීතිරීතිවලට අනුව පරිසර හිතකාමී නොවන ෂොපින් බෑග් අලෙවි කළ නොහැකි බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව රුපියල් 2.50කට අලෙවි කළ පරිසර හිතකාමී  ලන්ච් ෂීට් එකක මිල රුපියල් 3.50 දක්වා ඉහළ දමා තිබෙන බවත්, පරිසර හිතකාමී නොවන ලන්ච් ෂීට් මීට අඩු මුදලකට අලෙවි වන බවත් ඒ මහතා සඳහන් කළේය. 

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මිගමුවේ ව්‍යාපාරිකයෙකු කියා සිටියේ ඉදිරි දිනවලදි මිළ ඉහල ගොගිය කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් නොතිබිය හැකි බවය.
දැනටමත් කුඩා ව්‍යාපාර රාශියක් සිය ව්‍යාපාරික කටයුතු අතහැර දමා ඇතැයිද ඔහු සදහන් කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article