Wednesday, May 1, 2024

ශිෂ්‍යත්වය සමත් සිසු ප්‍රතිශතයෙන් වයඹ අංක එකට එයි.

Must read

nwp_grade5_ exam

වයඹ පළාතේ පාසල් නියෝජනය කරමින් 2017 ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ සිසුන් 41572 දෙනෙකු අතරින් සිසුන් 4805 දෙනෙකු එම විභාගයෙන් සමත් කරවමින් ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු ප‍්‍රතිශතයෙන් දිවයිනේ පළමු තැනට පත්වීමට වයඹ පළාත සමත් වී තිබේ.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් සමත්වීමේ වයඹ පළාත් ප‍්‍රතිශතය 11.56 % ක් (සියයට එකොළහයි දශම පහයි හයක් ) වන අතර එය පළාතක් විසින් වාර්තා කර ඇති ඉහළම ප‍්‍රතිශතය වෙයි. එහි දෙවැනි ස්ථානය දකුණු පළාතට හිමි වී ඇති අතර එම පළාත නියෝජනය කරමින් ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් 43736 දෙනෙකුගෙන් 4732 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී තිබේ. ඒ අනුව දකුණු පළාතේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු ප‍්‍රතිශතය 10.82% ක් වෙයි. ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු ප‍්‍රතිශතයෙන් දිවයිනේ තෙවැනි තැන හිමි බස්නාහිර පළාතේ පාසල්වලින් සිසුන් 84913 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වී ඇති නමුත් ඒ අතරින් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇත්තේ සිසු සිසුවියන් 7619 දෙනෙකු පමණි. එය ප‍්‍රතිශතයක් ලෙස 8.97% ක් වෙයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් සමත්වීමේ ජාතික ප‍්‍රතිශතය 9.46 % ක් වන අතර ඒ අනුව ජාතික මට්ටම ඉක්මවා යාමට වයඹ සහ මධ්‍යම පළාත් සමත් වී තිබීම විශේෂත්වයකි.
www.wayambatoday.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article