Sunday, May 19, 2024

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් අද පත්විම් ලබයි !

Must read

thusira 1අද (15) සවස ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අතින් නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ධුරයට අදාල පත්වීම් ලිපිය ලබාගනු ලැබිය.
ඉන් අනතුරුව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද හමුවිය. හෙට (16) දිනයේදී අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩභාරගැනිමට නියමිතය..
මේ රටේ නීති ක්ෂේත්‍රයේ මහත් අවධානයකට යොමුව තිබුණ නිදහස් වෙළද කලාපයේ යුවතියක් වෛද්‍යවරයෙකු විසින් දුෂණය කොට මරාදැමිමේ නඩුවේදි නිදහස් වෙළද කලාප සේවිකා චමිලා වෙනුවෙන් පෙනි සිටිමින් අදාල වෛද්‍යවරයාට මරණ දණ්ඩනය ලබාදෙමින් යුක්තිය දිනවු නඩුවේ ප්‍රමුඛ කාර්යයක් ඉටුකළ නීතිවේදියා වන්නේද  තුසිර මහතාය.
රටේ කථාබහට ලක්වු තවත් නඩු කිපයදිම ඔහු සිය වෘත්තිය පරිචය ඉතා ඉහලින් සලකුණු කොට තැබුවෙකුද වෙයි.
අපරාධ නීතිය හා පවුලේ නිතිය ඔහුගේ ප්‍රධානතම නීති විෂය පද්ධතිය වෙයි.
පසුගිය රාජපක්ෂ සමයේ මාධ්‍යවේදින් සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව දියත් වු තිබු මර්ධනයන්හිදි මාධ්‍යවේදින්ගේ පැත්ත් ගෙන කටයුතු කළ නිතිඥයන් අතලොස්ස අතර ඔහුද අයෙකි.
එමෙන්ම දක්ෂ ගායන කුසලතාවයකින් හෙබි ඔහු අමරදේවයන් හා සමිපව කලාකටයුතු වල නියැලුණු අයෙකුද වෙයි.සංගීතවේදි නිමල් මෙන්ඩිස් හා එක්ව නිර්මාණ ගණනාවකට එංගලන්තයෙදිද සිය දායකත්වය ලබා දි තිබුණි.
නිතිඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා රාජකීය විදුහලේ ආදි සිසුවෙකි.
විදේස් රටවල් 35 කට අධික ප්‍රමාණයක සංවාරයේ යෙදෙමින් ඔහු ලබා ඇතිසමාජිය අත්දැකිම් වඩාත් නවම අකාරකින් ජාතික රූපවාහිනි සංස්ථාව ඉදිරිගාමි යොමුවකට ගෙනඒමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි අප විශ්වාස කරමු.thusira 2තුසිර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article