Friday, May 17, 2024

රෝහලෙන් පුළුල් පරීක්ෂණ:බිළිඳෙකු ඇතුළු මව්වරුන් දෙදෙනෙකු මියයාමෙන් රෝහල රත්වෙයි.

Must read

Matara'''''''''

දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කර සිටි මව්වරුන් දෙදෙනෙකු හා දිනක් වයසැති බිළිඳකු (18) පසුගියදා මිය යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේවනවිට ආරම්භ කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඩබලිව්.එම්.මල්කාන්ති මැදිවක මහත්මිය පැවසුවාය.

තෙවැනි දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුලත් කර සිටි මාතර කැකුනදුර නාකුට්ටියගම පදිංචිව (40) හැවරදි තිදරු මවක් මියගොස් තිබේ.
එම කාන්තාව ප්‍රසූත කල බිළිදා අසාධ්‍ය තත්වයෙන් මේ වන විට එම රෝහලේ නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව අධ්‍යක්ෂවරිය පැවසුවාය.
සිය කුළුදුල් දරූ ප්‍රසූතිය සදහා රෝහලට ඇතුලත් කර මාතර කරගොඩ,උයන්ගොඩ,ඉහල විටියල ප්‍රදේශයේ පදිංචි (28) හැවරදි කාන්තාවක් ද මියගොස් තිබේ.
එම කාන්තාව (12) පසුගියදා දරු ප්‍රසූතිය සිදුකිරීමෙන් පසුව ක්ෂණිකව රෝගාතුර වි මියගොස් ඇතිබව අධ්‍යක්ෂිකාව පැවසුවාය.
එම කාන්තාව ප්‍රසූත කල බිළිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් රෝහලේ නොමේරූ ලදරු වැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසුවාය.
තංගල්ල නාකුලුගමුව ප්‍රදේශයේ විසි හතර හැවිරිදි මවක් විසින් ප්‍රසූත කළ දිනක් වයසැති බිලිදෙකු ද (18) පසුගියදා එම රෝහලේදී මිය ගොස් තිබේ.
මරණ තුන සම්බන්ධයෙන් හදීසී මරණ පරීක්ෂණය මාතර වැඩබලන නාගරික හදීසී මරණ පරීක්ෂක ජයන්ත සමරසිංහ මහතා ඉදිරියේ දී පැවැත්විණි.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා පැවසුවේ ආමාංශයේ ඇතිවී තිබු තුවාලයකින් ආමාංශය තුල රුධිරය පිරීමෙන් තිදරු මව මිය ගොස් ඇති බවයි.
කුළුදුල් දරු ප්‍රසූතියේ දී මව මිය ගොස් ඇත්තේ හෘද වස්තුවේ මස් පිටුවල පැවති අකර්මන්‍යානයකින් බව පැවසීය.
දිනක් වයසැති බිළිදා මියයාමට හේතුව විෂබීජයක් ශරීර ගතවීම බව අධිකරණය වෛද්‍යවරයා පැවසීය.
මීට සතියකට පමණ පෙර ද මාතර මහ රෝහලේදී  කුළුදුල් දරු ප්‍රසූතියකින් පසු  27 හැවිරිදි මවක් මරණයට පත්ව තිබේ.
ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article