Monday, May 6, 2024

ශ්‍රී ලංකාවට ඇතුළු වන උතුරුකොරියානුවන්ට වීසා සම්බාධක දැඩිවේ..

Must read

nkorea

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික හා මිසයිල වැඩසටහන් වලට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් විසින් පනවා ඇති සම්බාධකයන්ට අනුව ශ්‍රී ලංකාව විසින් උතුරු කොරියානු ජාතිකයන්ට මෙරටට ඇතුල්වීම සදහා වන වීසා බලපත්‍රබාගැනීමේ නීති දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි වාර්ථා වනවා.

ඒ අනුව උතුරු කොරියානු ජාතිකයන්ට මෙරටට වීසා ඉල්ලුම් කිරීමේදී  online Electronic Travel Authorization system ඉල්ලුම් කිරීමට හැකියාව නොලැබෙනු ඇති. තවද සාම්බාධක ලැයිස්තුවේ නම සදහන් කිසිදු උතුරු කොරියානු ජාතිකයෙකුට මෙරටට ඇතුල්වීමට වීසා ලබානොදෙන ලෙසටත් මෙරට ආගමන විගමන නිලධාරීන් විසින් අදාල බලධාරීන් වෙත දැනුම් දී ඇති අතර යම්කිසි උතුරු කොරියානු ජාතිකයෙකු ගුවන්යානාවන් අතර මාරුවීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී පාවා වඩාත් සුපරික්ෂාකාරී වන ලෙසත් අදාල නිලධාරීන්ට දන්වා ඇති බවයි වාර්ථා වන්නේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article