Thursday, May 2, 2024

ශ්‍රීලංකා යුධ සමයේ දර්ශණ ප්‍රදර්ශණය කිරීම නිසා මලයාසියානු ක්‍රියාකාරිනියකට සිරදඩුවම්.

Must read

lena

ශ්‍රීලංකාවේ යුධ වකවානුව තුල ලබාගත් දර්ශන වන ” No Fire Zone: the killing fields in Srilanka” ප්‍රදර්ශණය කිරීමේ වරදට මලයාසියානු ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ලීනා හෙන්ඩ්‍රි වරදකාරියක් බව එරට මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරයා පවසන්නේ ඇයගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට විත්තියේ නීතීඥයන්ට නොහැකි වූ බවයි. ඒ නිසා ඇය මාර්තු 22වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇති අතර ඇයගේ දඩුවම ලිහිල් කරගැනීමට අවශ්‍යනම් එම කරුණු මාර්තු 1 වනදාට පෙර අධිකරණයේ ගොනු කරන ලෙසටත් ඇයගේ නීතීඥයන් වෙත අධිකරණය විසින් දන්වා තිබෙනවා.

මේ සිදුවීම සම්බන්දයෙන්ම මෙම මහේස්ත්‍රාත්වරයා විසින්ම ලීනා පසුගිය වසර අගභාගයේදී නිදහස් කල නමුත් ඇය විසින් චිත්‍රපට වාරණය කිරීම පිලිබදව වන පණතේ 6 (1)(b) කොටස උල්ලංඝණය කිරීම හේතුවෙන් මහ අධිකරණය විසින් එම තීන්දුව නැවත හැරවීමක් මේ වන විට සිදුකර තිබෙනවා. මේ වන විට ඇය වරදකරු වී ඇත්තේ ශ්‍රීලංකාවේ පැවැති යුද සමයේ සිදුවූ සිදුවීම් පිලිබදව වන දර්ශණ ” No Fire Zone: the killing fields in Srilanka” ලෙස ප්‍රදර්ශණය කිරීම වෙනුවෙනුයි. මෙම සිදුවීම සදහා ඇය වරදකරු වුවහොත් වසර තුනක සිරදඩුවමක් හෝ RM50,000 ක දඩ මුදලකට හෝ එම දඩුවම් දෙකටම යයටත් වීමට සිදුවන ඇති.

 

 

 

http://www.freemalaysiatoday.com  ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article