Thursday, May 2, 2024

දික්වැල්ලට තරග තහනමක් පැනවීම සාධාරණද??

Must read

ඕස්ට්‍රේලියාව හා ශ්‍රීලංකාව අතර පැවැති 2වන විස්සයි විස්ස තරගය මේ වන විට කාගේත් කථාබහට ලක්වී ඇත. තරගයේ ජයග්‍රහණයත් සමග මතෘකාව වූයේ අසේල ගුණරත්නගේ සුපිරි පිතිහරඹයයි. අසේලගේ පිතිහරඹය තාමත් කථාබහට ලක්වන අතරේ තවත් මාතෘකාවක් දැන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර කථාබහට ලක්වී ඇත.එම මාතෘකාව වී ඇත්තේ මේ වන විට ICC විසින් ශ්‍රීලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන නිරෝෂන් දික්වැල්ලහට පනවා ඇති දඩය හා තරග තහනමයි.

එය තවත් උග්‍රවන්නේ මීලග තරගය හෙට පැවැත්වීමට වීමට නියමිත වීම හා එය ජයගැනීමේ ප්‍රධනතම පුරුකක් ලෙස නිරෝෂන් දික්වැල්ල මේ වන විට පත්ව හමාර බැවිනි. මෙම තරගාවලිය 3/0ක් ලෙස ජයගැනීමට කණ්ඩායම සතු බලාපොරොත්තුවට යම් කිසි ප්‍රහාරයක් මේ වන විට එල්ල වී ඇත.

කෙසේ හෝ සැබැවින්ම එදා තරගයේදී දික්වැල්ලගේ හැසිරීම තරග තහනමක් පැනවීමට තරම් හේතු වන හැසිරීමක්ද? තරගය නැරඹූවෙකුට එම හැසිරීමේ කිසිදු අනවශය ස්වභාවයක්නම් දක්නට නොමැති බව කිව යුතුය. ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු බවට විනිසුරුවන් විසින් පවසන්නේ ඔහු දැවී නොගිය බව ඔශු විසින් හොදින්ම දන්නා අවස්ථාවකය. ඒ නිසාම දැවී යාමෙන් පසු ඔහුගේ හැසිරීම දැවීයාමත් සමග ඇතිවන කලකිරීම නිසා ඇති වන්නක් මිස ඉන් එහාට දෙයක් පෙනෙන්නේ නැත. ඕනෑම පුද්ගලයෙකුට ඒ අවස්ථාවේදී මෙවැනි හැසිරීමක් ඇතිවීම අතිශයින්ම ස්වභාවිකය.

මාලිංගගේ පන්දුවක් හමුවේ ෆෝල්ක්නර් දැවී ගිය අවස්ථාවේ එය විනිසුරු විසින් ලබා දුන් නිවැරදි තීරනයක් නොවන නිසා ෆෝල්ක්නර් ගියේ මාලිංගට මෙන්ම විනිසුරුවන්ටද වඩනයක් දෙකක් කියාගෙනමය. නමුත් තරග තහනම් වන්නේ එසේ කිසිවක් නොකල දික්වැල්ලටය. මෙය නම් අතිශයින්ම ගැටළුකාරීය.

එක් අවස්ථාවක ෆෝල්ක්නර් විසින් මෙන්ඩිස්ට බෝලෙන් ගැසීය, තවත් අවස්ථාවක කමින්ස් විසින් දික්වැල්ලට සද්දයක් දැම්මේය, ඇන්ඩෘ ටයි විසින් තවත් අවස්ථාවක අසේලටද මොනාදෝ කිව්වේය. නමුත් මේ කිසිවෙකුට තරග තහනමක් තියා දඩයක් හෝ අවවාද කිරීමේ සිද්ධියක් පිලිබදව වාර්ථා වන්නේ නැත. 15% දඩයක් දී ඇත්තේ ඕස්ට්‍රේලියානු කණාඩායමේ කඩුළු රකින්නා වන ටිම් පේයින්ට පමණි.  ඒ එහු දික්වැල්ල ආවේගශීලී වන ආකාරයෙන් වචන භාවිතා කලා යැයි පවසමිනි.

කෙසේ හෝ සියළු සිදුවීම ගැන සිතා බලන විට ICC ය මේ උත්සහ දරන්නේ ඕස්ට්‍රේලියාව 3/0 ක් ලෙස හා පිට පිට ශ්‍රීලංකාවට එරෙහිව තම මව්බිමේදීම සිදුවන 6වන විස්සයි විස්ස පරාජයෙන් ඔවුන් මුදවාගැනීමටද?

අසේල සමග වචනහුවමාරුවකට යොමුවූ ටයි.
අසේල සමග වචනහුවමාරුවකට යොමුවූ ටයි.
ෆොල්ක්නර් විසින් මෙන්ඩිස්ට පන්දුවෙන් ගැසූ අවස්ථාව
ෆොල්ක්නර් විසින් මෙන්ඩිස්ට පන්දුවෙන් ගැසූ අවස්ථාව
විනිසුරු තීන්දුවෙන් පසු පිටියෙන් ඉවත් වන දික්වැල්ල.
විනිසුරු තීන්දුවෙන් පසු පිටියෙන් ඉවත් වන දික්වැල්ල.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article