Thursday, May 2, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මානසික ආබාධයක්..?

Must read

Trump1

ඇමරිකාවේ වර්ථමාන ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මහතා එම ධූරය දැරීමට තරම් සුදුසු මානසික තත්වයකින් නොසිටින් බව ඇමරිකානු මනොවිද්‍යාඥයින් පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා. ඔහුට එලෙස මානාසික ආබාධයක් පවතීය යන මතය මුලින්ම ඉදිරිපත් ළුූයේ ජනපතිවරණයටත් පෙර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීයි. කෙසේ වෙතත් මේ වන විට ඇමරිකානු ජනපති ඩොනල්ඩ ට්‍රම්ප් ජනපතිධූරයෙන් ඉවත්  විය යුතුයැයි පවසමින් අතසන් කෙරෙමින් පවතින ජනතා පෙත්සමකට අතසන් 23000ක් පමණ ලැබී ඇති අතර ඔහුගේ ජනපතිධූරයට ඇරිකාවෙන් එල්ලවන පීඩනය වැඩිවමෙින් පවතින බවයි වාර්ථා වන්නේ.

ඇමරිකානු මනෝවිද්‍ය්ඥයින්ගේ සංගමයේ “Goldwater Rule” නම්   ප්‍රතිපත්තියට අනුව යමකිසි මනෝවිද්‍ය්ඥයෙක් පුද්ගලිකව අධ්‍යනය නොකල කිසිදු රෝගියෙකු හෝ පුද්ගලයෙකු පිලිබදව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීම තහනම් හා ආචාරධර්ම වලට පටහැනි ලෙස ඔවුන් පිලිගන්නා නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මානසික තත්වය පිලිබදව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත්කිරීමට බොහෝ මනෝවිද්‍යාඥයන් පසුබටවන තත්වයක්ද ඇමරිකාවෙන් වාර්ථා වනවා.

නමුත් ඒ පිිබදව අදහස් පල කරන මනෝවිද්‍යඡයන් පවසන්නේ ජනපති ට්‍රම්ප්ට ඇත්තේ ” Narcissistic Personality Disorder ( NPD) ” නම් තත්වය බවයි. එම රෝගී තත්වයේදී

  • අනිකුත් පුද්ගලයන් පිලිබදව සානුකම්පිත හැගීම්වලින් තොරවීම.
  • වෙනත් පුද්ගලයන් අගය කිරීමට යොමු නොවීම.
  • තමන් සුපිරි පුද්ගලයෙකු බව සිතා සිටීම හා තමන්ට විශේෂ සැලකිලි ලැබිය යුතු බව විශ්වාස කිරීම.
  • තමන්ව අය කල යුතු බව තරයේම විශ්වාස කිරීම.
  • පරාජයන් හා විවේචනයන් දරා ගැනීමට අපොහොසත් වීම  වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන බවයි ඔවුන් පවසන්නේ.

 

www.bbc.com ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article