Sunday, April 28, 2024

ශ්‍රීලංකා ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් පාකිස්ථාන සංචාරයට බෑ කියයි – පාකිස්ථාන ක්‍රිකට් කණස්සල්ලෙන්

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් වන නායක දිමුත් කරුණාරත්න,ලසිත් මාලංග හා ඇන්ජලෝ මැතිව්ස් පාකිස්ථානයේ පැවැත්වෙන සීමත ඕවර ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට අකමැත්ත පල කිරීම සම්බන්දයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කනස්සල්ලට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

ක්‍රීඩකයන් තරගාවලියට සහභාගී වීම හෝ නොවීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තුල විසදාගත යුතු ගැටළුවක් බැවින් ඒ සදහා අතපෙවීමක් කිරීමට තමන් බලාපොරොත්තු නොවන නමුත් මේ වන විට සැප්තැම්බර් 25 වනදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සදහා ලාහෝරය හා කරච්චි ක්‍රීඩාංගන සූදානම් කර ඇති බවත් පාකිස්ථාන ක්‍රිකට් පාලන මණ්ඩලය පවසයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් එවන කුමන හෝ කණ්ඩායමක් මෙම සංචාරය සදහා පිලිගන්නා බවද ඔවුන් පවසයි.

මෙම තරගාවලියට එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් ඇතුලත් වේ.

2009 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් පාකිස්ථානයේදී එල්ල වූ ප්‍රහාරයෙන් පසු පාකිස්ථානය ක්‍රිකට් තරග සදහා සත්කාරකත්වය දැක්වීම් සිදුවූයේ ඉතාමත් අල්ප වශයෙනි.

දිමුත් ,මාලිංග හා මැතිව්ස්ගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂක හේතූන් මත ඔවුන් පාකිස්ථානයේ සංචාරය කිරීමට අකමැත්ත පල කිරීම හේතුවෙන් මෙම ක්‍රීඩකයින් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත තමන් පාකිස්ථාන සංචාරය වෙත සහභාගී නොවන බව දන්වා ඇති අතර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම ක්‍රීඩකයන් සමග ආරක්ෂක තත්වය සම්බන්දනේ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බවද වාර්ථා වෙයි. එමෙන්ම සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 09 වනදා දක්වා ක්‍රිකට් කණ්ඩායම සමග අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද මෙම සංචාරය සදහා පාකිස්ථානය බලා යෑමට සූදානම්ව ඇති බවද වාර්තා වෙයි.

2009 ලාහෝර් ප්‍රහාරයට පසු මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම,බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක කණ්ඩායම කෙටි කාලීන තරග සංචාරයන් සදහා පාකිස්ථානයේදී තරග වැදුනද ප්‍රමුඛ පෙලේ කණ්ඩායමක් සමග සති දෙකකට වඩා වැඩි කාලයක් තිස්සේ තරගාවලියක් සංවිධානය කිරීම සදහා පාකිස්ථානය උත්සහ කරන පලමු අවස්ථාව මෙයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article