Sri Lankas opposition presidential candidate Maithripala Sirisena speaks to media at the temple of top Buddhist monk Maduluwawe Sobitha in Colombo on November 23, 2014. Agriculture Minister Sirisena, who defected November 21 to challenge his former boss President Mahinda Rajapakse in the January 8 election, visited monk Sobitha to receive his crucial blessings in the Buddhist-majority nation of 20 million people. AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ මුලිකත්වයෙන් ගෙනවිත් ඇතත් එම දේශපාලන ව්‍යාපෘතිය පිටුපස සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

දේශපාලන සංවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව අවධාරණය කර සිටියි.

කතානායකවරයා වෙත ලබාදුන් විශ්වාසභංග යෝජනාව ඇතුළත් ලේඛනයේ අත්සන් 55ක් පෙනෙන්නට තිබුණත් එහි අත්සන් 56ක් තිබෙන බව සඳහන් කල බිමල් රත්නායක මන්ත්‍රීවරයා එම නොපෙනෙන අත්සන ජනාධිපතිවරයාගේ බවද පවසයි.

විශ්වාසභංගය දිනන්න මහින්දට අවශ්‍ය නෑ !

එසේම අදාළ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා මහින්ද රාජපක්ෂ පාර්ශවය ජනාධිපතිවරයාට සහය ලබාදී ඇති නමුත් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමට බරපතල වුවමනාවක් නොමැති බවත් එම උවමනාව ඇත්තට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට පමණක් බවද බිමල් රත්නායක මන්ත්‍රීවරයා පැවසීය.

“මහින්ද අගමැති කිරීමට’ පළාත් පාලන ජන්දයේ ජනවරමක් ඉල්ලු ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් අග්‍රාමාත්‍යධූරය ඉල්ලා නොසිටින්නේද එනිසා බවද ඔහු පැවසීය. එපමණක් නොව මහින්ද රාජපක්ෂ මෙම විශ්වාසභංගයට අත්සන් නොකළේද එනිසා බවත් ඔහු පැවසීය.

මහින්ද කියන්නේ තමන්ට හිමි බලය අනුන්ට දෙන කෙනෙක් නෙවෙයි !

එසේ නොවන්න මහින්ද රාජපක්ෂ තමන්ට බලය ලබාගැනීමට ඇති අවස්ථාව ලෙහෙසියෙන් අත්හරින්නෙකු නොවන බවත් එය ඉතිහාසය දන්නා ඕනෑම අයෙකු දන්නා කාරණයක් බවද බිමල් රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

අදාළ විශ්වාසභංග යෝජනාවේ ජනාධිපතිවරයාට එරෙහිව කිසිඳු විවේචනයක් නොමැත්තේද මෙය ජනාධිපතිවරයාගේ ප්‍රොජෙක්ට් එකක් නිසා බවත් අවම වශයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ කිසියම් හෝ සඳහනක් ජනාධිපතිවරයා සම්බන්ධව නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති සියඹලා ගෙනල්ලාම නැද්ද ?

මෙම සත්‍ය තත්ත්වය පැවසීමට එජාප මැති ඇමතිවරු බයවී සිටින නමුත් මේ ආණ්ඩුව පිහිටුවීමට ජනවාරි 08 ජනවරම ලැබුණේ ජනාධිපතිවරයාට බවත් අගමැති රනිල් කියන්නේ ඒ ජනවරම අස්සට ගොස් අවස්ථාව ලබාගත් අයෙක් පමණක් බව පෙන්වා දෙන ඔහු සැබෑ විශ්වාසභංගය ගෙන ඒමට අවශ්‍ය වන්නේ ජනවාරි 08 ජනවරමට පිටුපෑ ජනාධිපතිවරයාත් සමඟ බවද පවසයි.
www.newstube.lk