Monday, September 14, 2026
spot_img

විමල්ට වරෙන්තු ..

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) වරෙන්තු නිකුත් කළ බව ශ්‍රිලංකාමිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ..

ඒ 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි ඔහුට විරුද්ධව පවරා තිබූ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේදී වීරවංශ මහතා පෙනී නොසිටීම හේතුවෙන් බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය.

එම නඩුව සැප්තැම්බර් මස 11දා දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article