Tuesday, May 21, 2024

විපක්ෂ නායකකම ඕනා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

Must read

පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායක ධුරය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්‌ඩායමට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (19 දා) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සභාවාරයට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටියදී මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ කීය.

ආණ්‌ඩු කියන දේවල් තිබෙනවා. නැති වෙනවා. තව වෙසක්‌ පෝය දෙකයි මේ ආණ්‌ඩුව තිබෙන්නේ යෑයි ද රාජපක්‌ෂ මහතා එහිදී කීය.

අගමැති ධුරයට ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු පත් කරනවා නම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවත් එක්‌සත් ජාතික පක්‌ෂයේ අගමැතිවරුන්ට සහාය දෙන්න තමන් සූදානම් නැති බවත් පැවසූ හෙතෙම එහෙත් ජනාධිපතිවරයා දැන් කටයුතු කරන ආකාරයට අනුව අගමැති ධුරයේ වෙනසක්‌ සිදු වනු ඇතැයි විශ්වාසයක්‌ තැබිය නොහැකි බවත් ප්‍රකාශ කළේය.

කතානායකවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කරනවා ” – දිනේෂ්

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇති බවත්, ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හිමි වී තිබෙන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ‘මව්බිම’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුවේ විවිධ බාධා රැසක් මධ්‍යයේ එම අභියෝගවලට මුහුණ දෙමින් ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ නියම භූමිකාව සිදු කළ බවත් විපක්‍ෂ නායක ධුරය ලැබීමෙන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව සැබෑ විපක්‍ෂයේ භූමිකාව දැඩිව සිදුකරන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටු වීමට ක්‍රියා කළහොත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබාදෙන ලෙසට කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවද දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා තිබේ.

 

 

උපුටාගැනීම – www.infosrilankanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article