Tuesday, May 21, 2024

අපි ඉල්ලන්නේ ඊළම නොවේ. දරුවන් සොයන දෙමළ අම්මලා අවුරුද්දක් මහපාරේ| VIDEO

Must read

අතුරුදහන් කර ඇති සමීපතමයන්ගේ  ඉරණම හෙළිකර ගැනීම වෙනුවෙන් වසරක් පුරා  වීදියේ සටන් වැද  සිටින උතුරේ ජනතාව තමන් ආයුධ සන්නද්ධ අරගලයක යෙදී නොසිටින බව රජයට  අවධාරණය කරමින් සන්නද්ධ යුද හමුදාවට බාර දුන් ඥාතීන් ආපසු තමන් වෙත බාර දෙන මෙන් ඉල්ලා සිටී.

පසුගිය අවුරුද්දේ ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට වසරක් සපිරෙන පෙබරවාරි  20 අඟහරුවාදා   කිලිනොච්චි කන්දසාමි කෝවිල ඉදිරිපිට විරෝධතාවයේ යෙදීමින් ඔවුන් රජයට කියා  සිටියේ දෙමළ ඊළම් ඉල්ලා තමන් සටන් නොවැදුන බවයි.

අතුරුදහන්වුවන් සොයා දීම සඳහා   වගකිවයුතු බලධරයා වන ජනාධිපතිවරයාගෙන් නිසි විසඳුමක් නොලැබුන ඔවුන්ගේ ආයාචනයෙන් ඉල්ලා සිටියේ  ජාත්‍යන්තර මැදිහත්වීමකි.

උතුරේ අවසන් යුද්ධය ක්‍රියාත්මක වුයේ ජාත්‍යන්තර සහාය ඇතිව බව ආවර්ජනය කරන යුද පීඩිතයෝ  තම ගැටලුවට විසදුම් ලබා දීමටද ඒ අයුරින්ම හවුල් විය යුතු බවට බල කර සිටිති.

මේ මස අගදී ඇරඹෙන එක්සත් ජාතින්ගේ 37 වැනි මානව හිමිකම්  සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේදීත් ඉන් පසුවත්  අතුරුදහන්වුවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටි බව ගගන කිලිනොච්චි වාර්තාකරු පවසයි.

හමුදාව රකින ආණ්ඩුවක්

රටේ ජාතීන් අතර සංහිදියාව ඇති කරමින් යුක්තිය ඉටු කරන බවට රජය ජාත්‍යන්තරයට පොරොන්දු ලබා දී තිබුනත් යුක්තිය ඉටු වී ඇත්තේ කොහිදැයි ප්‍රශ්න කරන අතුරුදහන් වු මාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ කිලිනොච්චියේදී  පෙන්වා දුන්නේ රටේ සංහිදියාවක් පවතිනම් තම දරුවන් ඉල්ලමින් මව්වරුන්ට පාරේ ජීවත් වීමට අවශ්‍ය නොවන බවයි.

“අඩුම ගානේ ආණ්ඩුවට මේ නීතියේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කර ගැනීමටවත් ශක්තියක් නැත්නම් කොහොමද මේ අම්මලාට අපිට යුක්තිය ඉෂ්ට කරන්නේ,” යි ඇය ප්‍රශ්න කළාය.

ආණ්ඩුව ජාතිවාදය පෝෂණය කිරීමට තවමත් උත්සාහ දරන බවට චෝදනා කළ ඇය ශක්තිමත් නීතිමය රාමුවක් ගෙන ඒමට අසමත් වීමේ හේතුව ලෙස එය පෙන්වා දුන්නාය.

“ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකර හමුදාව රකිනවා නම් මේ ආණ්ඩුවෙන් වැඩක් නැ. බොහෝම පැහැදිලිව ඉල්ලා සිටින්නේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට යොමු කරන්නේ මේ ආණ්ඩුවත් අසමත් මේ යුක්තියේ ක්‍රියා දාමය ඉෂ්ට කිරීමේදී කියන එක.”

උතුරු නැගෙනහිර දිස්ත්‍රික් අටක අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් උදෑසන 9.30 සිට පස්වරු 1 දක්වා  පැවැති විරෝධතාවය සදහා දේශපාලන නියෝජිතයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් මෙන්ම දකුනේ වාම දේශපාලන ක්‍රියාධරයන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයන්ද එක්ව තිබේ.
www.rediogagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article