Friday, May 3, 2024

විදුලි කප්පාදුවේ වගකීම රජය භාරගත යුතු බව අගමැතිතුමන් පවසයි.

Must read

ජනතාවට අවශ්‍ය විදුලි බලය අඛණ්ඩව සැපයීමට රජයක් ලෙස නොහැකිවීමේ වගකීමෙන් මිදීමට රජයට නොහැකි බව අගමැතිතුමන් අද(28) මැතිඇමතිවරුන් අමතමින් සදහන් කර ඇත.අගමැතිතුමන් මේ බව සදහන් කර ඇත්තේ අරලියගහ මන්දිරයේ මැති ඇමතිවරුන් සමග පැවැති අදහස් හුවමාරු අවස්ථාවකදීය. එහිදී අගමැතිතුමන් උපදෙස්දී ඇත්තේ විදුලිය අඛණ්ඩව සැපයීමට ගතයුතු සෑම පියවරක්ම අනුගමනය කරන ලෙසයි.

2015 වසරේ අගෝස්තු මාසයත්, 2018 වසරේ ඔක්තෝම්බර් මාසයත් අතර කාලය තුළ ඉන්දියාව, ජපානය හා චීනය ශ්‍රී ලංකාවේ ස්වාභාවික ද්‍රව වායු බලාගාර 3ක් ඉදිකිරීමට රජයන් අතර එකඟතාවයකට පැමිණියත් ඒවා ක්‍රියාත්මක නොවූ බවත් ඒවා ඉදිකිරීමට නොහැකි යගවූයේ කාගේ වරදින් යැයිද අගමැතිතුමන් ඇමතිවරුන්ගෙන් විමසා ඇතැයිද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article