Friday, May 17, 2024

විද්‍යුත් ඉංජිනේරු ක්ෂේත්‍රයට නව මඟක්, ප්‍රථම අධි විද්‍යුත් පරීක්ෂණාගාරය මොරටුව විශ්වවිද්‍යාලයේ විවෘත කෙරේ

Must read

01

13

 

ලංකාවේ විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයට මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අත්‍යාවශ්‍යව තිබූ අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක් මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු පීඨයේ ඉදිකර තිබෙනවා.එම පර්යේෂණාගාරය ‘මහාචාර්ය රොහාන් ලූකස් අධි විද්‍යුත් පරීක්ෂණාගාරය’ලෙස හැදින්වෙන අතර එය අද(17) පස්වරුවේ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුවිය.

මෙම පර්යේෂණාගාරය අධි වෝල්ටීයතා විදුලි උත්පාදන යන්ත්‍රයක්, අධි වෝල්ටීයතා විකල්ප ධාරා පර්යේෂණ පද්ධතියක්, අධි වෝල්ටීයතා සෘජු ධාරා පර්යේෂණ පද්ධතියක්, කෘතිම වැසි නිපදවීමේ උපකරණ සම්බන්ධ පාලන උපකරණ සහ සහායක උපාංග වලින්  සමන්විත වේ. එමෙන්ම විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ Ac සහ dc අධි විද්‍යුතයන් පරීක්ෂා කිරීමේ හැකියාව වෙනුවෙන් 500 kv සහ 300 kv මෙම නවීන විද්‍යාගාරය සතුය.

ලංකාවේ විද්‍යුත් ඉංජිනේරු කර්මාන්තයේ දිගුකාලීන රික්තකයක් ව තිබූ  HV ට්‍රාන්ස්ෆෝමර් පරීක්ෂණ, HV කේබල් පරීක්ෂණ, මීටර පරීක්ෂාව, HV ඉන්සියුලේටර් හා Bushing පරීක්ෂණ, HV ස්විච් ගියර් පරීක්ෂණ, HV CT / PT / සහ CVT පරීක්ෂණ සිදු කිරීමට හැකියාව  මෙම විද්‍යාගාර පහසුකම් යටතේ ලැබෙනු ඇත. එමෙන්ම මෙම විද්‍යාගාරය සතු රසායනාගාර පහසුකම්, විද්‍යාගාර පර්යේෂණ සහ පර්යේෂණ ව්‍යාපෘති සඳහා  වල නියැළෙන උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි ඉංජිනේරු සිසුන්ට නවමු අත්දැකීමක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයට අවශ්‍ය කරන පරීක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් අත්හදා බැලීමේ හැකියාවෙන් යුත් විදුලි උත්පාදක පරීක්ෂණ කට්ටලයක්, HVAC පරීක්ෂණ කට්ටලයක් සහ HVDC පරීක්ෂණ කට්ටලයක් සහිත ශ්‍රී ලංකාවේ එකම විද්‍යාගාර පහසුකම ලබාදෙන විද්‍යාගාරය බවට මෙය පත්වනු ඇත.

LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම මෙම පරීක්ෂණාගාරය ඉදිකිරීමට විශ්වවිද්‍යාලය සමග අත් වැල් බැඳගෙන තීබීම සුවිශේෂී කරුණකි.මෙම අතිනවීන පහසුකම් වලින් සපිරි විද්‍යාගාරයේ ඉදිකිරීම් කටයුතු මෙන්ම රසායනාගාර අළුත්වැඩියාව සහ සිවිල් වැඩකටයුතු වෙනුවෙන් LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සිය අනුග්‍රාහකත්වය ලබාදී තිබෙන අතර විද්‍යාගාරයේ සම්පූර්ණ වැඩකටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 35 ක් වැය වී තිබේ.

මෙම පර්යේෂණාගාරය මහාචාර්ය රොහාන් ලූකස් මැතිතුමාගේ නමින් නම් කිරීමට හේතු වී ඇත්තේ ඔහු විසින් වසර 45 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විද්‍යුත් ඉංජිනේරු අධ්‍යාපනය වෙනුවෙන්, විශ්ව විද්‍යාලය වෙනුවෙන් සහ රටට කරන ලද සේවාවයි.

 

මූලාශ්‍රය – දිනමිණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article