Monday, September 14, 2026
spot_img

උමා ඔයේ ජලකාන්දුව අඩුවෙයි.

Must read

Uma-Oya-Hydropower

උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන නලයට කාන්දුවන ජල ප්‍රමාණයේ අඩුවීමක් ඇති බව පසුගියදා මෙම ව්‍යාපෘතිය පිලිබදව පැවැති සාකච්ඡාවකදී හෙලි කෙරිණි.
මින් පෙර මෙම කාන්දුවීමෙන් තත්පරයකට ජලය ලීටර 1460ක් පමණ කාන්දුවූ බවත් මේ වන විට එම කාන්දු වීම තත්පරයට ලීටර 550 – 650ත් අතර ප්‍රමාණයකට අඩුවී ඇතැයි ඉංජිනේරුවන් පවසනවා. එලෙසම මේ ආකාරයෙන් ජල කාන්දුව අඩුවීමට හේතු වී ඇත්තේ මේ වනවිට එහි සිදුවන ඉදිවීම් බවත් ඉංජිනේරුවන් විසින් පෙන්වා දෙනවා.ඒ අනුව ඉදිරි මාස 3 ඇතුලත මෙම කාන්දුවන ජල ප්‍රමාණය තවදුරටත් අඩුවනු ඇති බවි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

තවද බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිදීගිය ළිං මේ වන විට නැවතත් ජලයෙන් පිරීමට පටන්ගෙන ඇති බවත් මේ සාකච්ඡාවේදී සදහන් කෙරිණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article