Friday, May 17, 2024

වැසිකිලියක බකට් එකකින් මාධ්‍ය සංදර්ශන පැවැත්වු මගොඩිස්ලා සහ පචෝරිස්ලා !

Must read

jayaweera 1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මීගමුව රෝහෙල් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ගැන සොයා බලන ලෙස රෝහල් කළමණාකාරිත්වය විසින් මීගමුව මහනගර සභාවේ අදාල බලධාරින්ගෙන් කරනු ලැබු ඉල්ලිමක් පදනම් කරගෙන සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක් පසුගිය දිනක මීගමුව රෝහලට පැමිණ තිබුණි.
මේ සමගින් අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වන මංජුල මහතාද හිටපු නගාරාධිපති ඇන්ටනි ජයවීර මහතාද මේ පිරිස අතර විය.dengu bucketjayaweera 9
ඔවුන් සැමට පැවරුණ රාජකාරිය වි තිබුනේ මදුරුවන් බෝවන තැන් නිරික්ෂණය කිරිමය.
තතු එසේව තිබියදි මීගමුව රෝහලේ අතහැර දමනු ලැබු වැසිකිලියක් තුල වු බකට් එකක මදුරු කිටයන් කිපදෙනෙකු සිටිම විශාල මාධ්‍ය සංදර්ශණයකට නිමිත්තක් කොට ගෙන තිබුණි.ප්‍රවෘත්තියක් යනු බඩගින්න නිවන ගොදුරක් සේ සලකා ගොදුරු සේවිමේ මාධ්‍යකරණයේ නියැලුන මාධ්‍යවේදියෙකුද මේ පුවත ලොකුවට උඩදමා තොරොම්බල් කර තිබුණි.sirasa Ranji
ලංකාවේ වැඩිම ඩෙංගු රෝගින් සංඛ්‍යාවක් සිටින රෝහල ලෙස එහි සේවය කරනු ලබන කාර්ය මණ්ඩලයට ඩෙංගු වැළදුිම අරුමයක් නොවේ .ඩෙංගු රෝගින් සිටින ලංකාවේ බොහෝ රෝහල් වලද මෙසේ කාර්යමණ්ඩලය ලෙඩවිම සිදුව තිබේ.
රෝහලේ සිටින එක රෝගියෙකුට විදින මදුරුවෙකුට තවත් බොහෝ පිරිසක් ඩෙංගු රෝගින් බවට පත්කිරිම ඉතා පහසුකටයුත්තකි.
තතු එසේව තිබියදි ඇතැම් මාධ්‍ය විසින් කියා සිටින්නට උත්සාහ කරේ අර බකට් එකේ සිටි මදුරු කිටයන් කිපදෙනා නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඩෙංගු රෝගින් බවට පත්වු බවකි.
පසුගිය ජුලි 08 වනදා වන විට ජුලි මාසය සදහා පමණක් මීගමුව රෝහලට ඇතුලත්ව සිටි ඩෙංගු රෝගින් ගණන 861 කි.ජුනි මාසය සදහා ප්‍රතිකාර ලැබු ගණන 1884 කි.
මිගමුව රෝහල තුල පවතින මේ අර්බුදය හමුවේ එය කළමණාකරණය කරගැනිම සදහා වෙනත් රෝහල් වලින් කාර්ය මණ්ඩල සහය ද අවැසිව ඇති පසුබිමක එවන් කාර්ය මණ්ඩලය පැමිණෙමින් සිටින පසුබිමක මෙවැනි කිටයන් ගැන පුවත් හේතුවෙන් සිදුවන්නේ මේ රෝහලට පැමිණෙන කාර්ය මණ්ඩල පවා අධෛර්යවිමය.
මීගමුව රෝහල් කාර්ය මණ්ඩලය විසින් පසුගිය කාලය පුරාවටම අඩුපහසුකම් යටතේ සිදුකළ මහා අනර්ඝ සේවාව ගැන ද අඩුතක්සේරු කරමින් හා ඒ සියල්ල මත වරද පටවමමින් මදුරු කිටයන් සොයා ගැනිම ගැන මහත් ආන්දෝලනයක් සිදුකරන්නට මේ පුවත මගින් උත්සාහ කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article