Friday, September 20, 2024

වැලිකඩ රැඳවියෙකුට Covid-19 ආසාදනය වී ඇති බව තහවුරු වේ

Must read

වැලිකඩ බන්ධානාගාරයේ රැඳවියෙකු Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ සම්බන්දයෙන් පැහැදිලි කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

මෙම තත්වය හමුවේ වැලිසර නාවික හමුදා කදවුර තුල ඇතිවූ තත්වයට සමාන තත්වයක් වැලිකඩ බන්ධානාගරය තුල ඇතිවීමේ අවදානමක් පිළිබදව සැකකල හැකි තත්වයක් හටගෙන ඇති අතර ඒ සම්බන්දයෙන් සෞඛ්‍ය අංශ සිය දැඩි අවදානය යොමු කල යුතුව ඇත.

එමෙන්ම මේ රැදවියට වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධයස්ථානයේ පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කරන මධ්‍යස්ථානයෙන් නම්, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුලතවදුරටත් වෛරස පවතින අතර සිදුකල යුතු පීසීආර් පරීක්ෂණ ප්‍රමාණයට වැඩි කල යුතු බව අපගේ හැගීමයි.

මේ වන විටරටතුල පවතින මැතිවරණ වාතාවරණය තුල මහජනාවට මෙන්ම සියලුම මහජන නියෝජිතයන්ටත් කොවිඩ්19 අමතක වී ඇති පසුබිමක් තුල සෞඛ්‍ය අංශ පවා ප්‍රජාව තුල කොවිඩ්19 වෛරසය ව්‍යාප්ත වන්නේ නැති බව උපකල්පනය කොට ප්‍රජාව තුලින් පීසීඅාර් පරීක්ෂණ සිදුනොකරන්නේ නම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම දෙවැනි රැල්ලක් ඇති වීම වැලැක්වීමට අපහසුවනු ඇත. ඊට හේතුවන්නේ කොවිඩ්19 තුරන් කල බවට නිල වශයෙන් ප්‍රකාශ කල නවසීලන්තය ඇතුලු වෛරසය ව්‍යාප්තිය පාලනය කල සියලුම රටවල් වලින් පාහේ මේ වන විට නැවතත් රෝගීන් වාර්ථා වීම ආරම්භ වී තිබීමයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article