Friday, May 10, 2024

වසංගත රෝග වෙනුවෙන් දේව පිහිට පැතූ මුත්තුමාරි අම්මාන් කෝවිල

Must read

10949941_857615384261054_2097468334_nමීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ පිහිටි මුත්තුමාරි අම්මාන් කෝවිල අවුරුදු 200 ඉතිහාසයකට හිමිකම් කියයි. කෝවිල ආරම්භයේදි කුඩා පැලපතක් සදා ත්‍රිෂූලයක් ගෙන එහි තබා වන්දනාමාන කර ඇත.
එවකට ඉන්දියාවෙන් මෙරටට පැමිනි සෙට්ටි කුලයට අයත් මිනිසුන් විසින් මෙම පැල්පත් සාදා ඇති අයගෙන් අවසර ඇතිව විශාල කෝවිලක් දක්වා නැංවීමට දායක වී ඇත.

    එදා සිට අද දක්වා හින්දු ආගමීක හා සංස්කෘතික වත්පිළිවෙත් ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යනු ලබයි.    දිනපතා මෙහි ආගමීක පුජාවන් උදේ හා සවස් කාලයේදි පැවැත්වේ.
 වසරකට වරක් පවත්වන විශේෂ මංගල්‍යයක් වන වේල් මංගල්‍යය සෑම ඔක්තෝම්බර් මසකම  පවත්වයි.
මෙය  පැවැත්වෙන්නේ නව රාත්‍රී උත්සව කාලයේදි දින 10 විශේෂ පුජාවන් පවත්වා අවසාන දිනයේදි වේල් කරත්ත දෙකකින් මුත්තුමාරි අම්මාන් මෑණියන් හා කතරගම දෙවියන් රැගත්  පෙරහැර මීගමුව පුරා වීදී සංචාරය කරමිනි.
    මෙම මංගල උත්සවයේදි හින්දු බැතිමතුන් තමන්ගේ වාසස්ථාන ඉදිරියේ  කෙසෙල් ගස් වලින්  හා ‘නිරෙයිකුඩම්’ තබා අලංකාර සැරසිලි කරනු  ලබයි.
පුජාවට්ටි ගෙන   මුත්තුමාරි අම්මාන් මැණියන් සිහිකර  වැදීම් කටයුතු කරමින්  තම ස්තූතිය පුද කරනු ලබයි.
   මෙම මංගල දිනට පසු දින රන් ඔන්චිල්ලාවක මුත්තුමාරි අම්මාන් මෑණියෝ සහ කතරගම දෙවියන්  තබා පද්දවනු ලබයි.
10950170_857615147594411_1186379693_n
මීගමුවේ හින්දු බැතිමතුන් විසින් මෙම කෝවිලේ මෙම වේල් උත්සවය උත්සවශ්‍රියෙන් සමරනු ලබයි.
 මුත්තුමාරි අම්මාන් කෝවිල හා බැදුනු පුරාවෘත්ත ඇත. මෙම කෝවිල සෙට්ටි අය විසින් ගල් වල් වලින් සැදීමට පෙර බ්‍රහ්ම කුලයට අයත් අය විසින් පොඩියට වැදීම් කටයුතු කළ බව එක් ජනප්‍රවාදකි.
ඊටත් පෙර මෙහි එක් සොහොන් කොතක් වුහ. ඒ වැල්ලවීදිය ප්‍රදේශයේ වසංගත රෝගයක් සැඳී පොඩි දරුවෙක් මියගොස් ඇති අතර  එම සිරුර මිහිදන් කර තිබේන්නේ කොහොඹ ගහක් යටයි.  පසු කාලීනව මෙම කොත වැලලී ගොස් ඇත.ඒ නිසාම වසංගත රෝග වැළදුනු අය මේ දේවාලයට ඇවිත් අම්බාල් දේවතාවන්ගේන් තිරූනීරු, තීරත්තම්,වේපිලෙයිහල් යනාදිය ලබාගෙන තමන්ගේ ලෙඩ රෝග  සුවවෙනවා යන විශ්වාසයක්  හින්දු භක්තිකයා තුල තිබී ඇත.
10947729_857615260927733_873025218_n
ආර්.ජාගේස්වර සර්මා මහතා.
10941249_857615187594407_354598516_n
මුරුගාපූපති තියාගිරාජන් චෙට්ටියාර් මහතා

මුත්තුමාරි අම්මාන් කෝවිල,
මුත්තුමාරි අම්මාන් කෝවිලේ, කළමණාකාර තුමා, මුරුගාපූපති   තියාගිරාජන්  චෙට්ටියාර් මහතා වන අතර එහි පුසාරි මහතා, ආර්.ජාගේස්වර සර්මා මහතා වේ.
විමසීම් – කළමනාකාර –   දු.අ. 078 8830754

10937787_857615310927728_924967822_n

10943337_857615217594404_1600325014_n

10937573_857615307594395_1756951649_n

10947672_857615167594409_290239182_n

සටහන සහ ඡායාරූප
දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා /dchrishshantha@gmail.com /
https://www.facebook.com/dilshan.thisera1?fref=ts&ref=br_tf

10979415_863949186961007_1891462900_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article