Saturday, May 11, 2024

ලෝකයේ ඉහලම ඡායාරුප ශිල්පීන් අතරට ලංකාවේ දෙදෙනෙක්

Must read

ලෝකයේ වඩාත්ම සම්භාවනාවට ලක්වන ජාත්‍යන්තර ඡායාරූප තරගයක විශිෂ්ටයන් අතරට ශ්‍රී ලාංකිකයන්  දෙදෙනෙක් ම තේරී සිටී. මේ වසරේ පැවැත්වෙන 57 වැනි ජගත් වනජීවී ඡායාරූප ශිල්පී තරගය සඳහා රටවල් 95 කින් ලැබුණු ඡායාරූප පනස් දහසකින් ඉහලින්ම නිර්දේශිත ඡායාරූප ශිල්පීන් අතරට දස හැවිරිදි ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ හා බුද්දීලිනී ද සොයිසා තෝරාගෙන තිබේ.

  Lockdown Chicks යනුවෙන් නම් කර ඇති ගගන ගේ ඡායාරූපයේ දැක්වෙන්නේ මාල ගිරා පියකු කෑම රැගෙන පැමිණි විට ගස් බෙනයකින් එබී බලන පැටවූ රෑනකි.  

කෙන්යාවේ ගඟකින් එතෙර වන්නට සැඩ පහර හා පොර බදන චීටා රංචුවක් සටහන් කරගත් බුද්ධිලිනීගේ ඡායාරූපය නම් කර ඇත්තේ Great Swim යනුවෙනි.   වසරේ ජගත් වනජීවී ඡායාරූප ශිල්පියා ඔක්තෝබර් 15 දා ලන්ඩන් කෞතුකාගාරයේ පැවැත්වෙන ප්‍රදර්ශනයකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.   

great swim
Great Swim
lockdown chicks
Lockdown Chicks

leader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article