Wednesday, May 15, 2024

ලොව වේගයෙන්ම ගිලා බසින නගරය

Must read

ලොව වේගයෙන්ම ගිලා බසින නගරයක් ලෙස ඉන්දුනීසියාවේ ජකර්තා නුවර හදුනාගෙන තිබෙනවා. විශේෂඥයන් පවසන්නේ මේ පිළිබදව පියවර නොගතහොත් වසර 2050 පමණ වන විට සම්පූර්ණ ජකර්තා නගරයම ජලයෙන් යටවිය හැකි බවයි. නමුත් මේ තත්වය මගහරවා ගැනීම සදහා අදාල පියවර ගැනීමට මේ වන විටත් ප්‍රමාදදැයි සැක බවත් විශේෂඥයින් මතපලකර තිබෙනවා.

ජකර්තා නගරය වගුරු බිමක පිහිටා ඇති අතර ගංගාවන් 13ක් ජකර්තා නගරය හරහා ගලා බසිනවා. එම නිසා වසරේ වැඩි කාලයක් ජකර්තා නුවරට ගංවතුර බලපෑම් පවතින අතර වසරින් වසර ගංවතුර තත්වයන් දරුණු තත්වයට පත් වන බවත් විශේෂඥයින් පෙන්වා දෙනඅතර ඔවුන් පවසන්නේ නගරය මොහොතින් මොහොත  පොළව අභ්‍යන්තරයට ගමන් කරන බවයි.

ජකර්තා නුවර මුහුණ දී තිබෙන මෙම ගැටළුව පිළිබදව වසර 20ක පමණ සිට අධ්‍යන කටයුතු වල නිරතව සිටින Heri Andreas පවසන්නේ තමන් සිදුකල පරීක්ෂණ වලින් කියැවෙන පිරිදි වසර 2050 වන විට ජකර්තා නුවරින් 95%ක් ජලයෙන් යටවන බවට හෙළි වී ඇති බවයි. පසුගිය වසර 10ක කාලය තුල උතුරු ජකර්තා ප්‍රදේශය මීටර 2.5කින් ගිලාබැස ඇති බවත් ජකර්තා නුවර ඇතැම් ප්‍රදේශ වසරකට සෙන්ටිමීටර 25 බැගින් ගිලාබැසීමට ලක්වන බවත් ඒ මහතා සදන් කර සිටියි. මේ වන විටත් ජකර්තා නුවර භූමි ප්‍රමාණයෙන් අඩක් පමණ මුහුදු මට්ටමට පහතින් පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි.

ගිලා බැසීමට ලක්ව ඇති ගොඩනැැගිල්ලක්
ගිලා බැසීමට ලක්ව ඇති ගොඩනැැගිල්ලක්
ගිලා බැස ඇති ගොඩනැගිල්ලක පළමු මහල ජලයෙන් පිරී ඇති ආකාරය
ගිලා බැස ඇති ගොඩනැගිල්ලක පළමු මහල ජලයෙන් පිරී ඇති ආකාරය

මේ නිසා ජකර්තා නුවර වැසියන් දැඩි ජීවිත තර්ජනයකට මුහුණ දී සිටින අතර එම වැසියන්ද තමන්ට ඇති තර්ජනයේ ස්වභාවය පිළිබදව දැනුවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ. මෙම ගිලා බැසීමේ තත්වයත් සමග ඒ නුවර වැසියන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ පානීය ජල ප්‍රශ්ණයයි.

මෙම ජල ගැටළුවත් සමග සිමින්‍ය නිවැසියන්ගේ සිට විශාල ව්‍යාපාරිකයන් දක්වා සියළුම දෙනා පාහේ භූගත ජලය පිටතට පොම්ප කර ඒවා පරිභෝජනයට ගැනීමට පුරුදු වීමත් සමග ජකර්තා නුවර ගිලා බැසීමේ අවදානම තවත් වැඩිවී ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ සියළුම වැසියන්ට භූගත ජලය ලබාගැනීමේ අයිතියක් ඇතත් ගැටළුව මෙපමණ උග්‍ර වී ඇත්තේ ඔවුන් විසින් නීතිවිරෝධී ප්‍රමාණයන්ගෙන් භූගත ජලය පරිභෝජනයට ගැනීම නිසා බවයි.නමුත් නගර වැසියන් පවසන්නේ තමන්ගේ ජල අවශ්‍යතාවයන් සැපයීමට අදාළ බලධාරීන්ට නොහැකි නිසා බලධාරීන් මත යැපීමට වඩා තමන්ගේම භූගත ජලය පරිභෝජනයට ගැනීම පහසු බවයි.

විශේෂඥයන්ගේ මතයට අනුව ජනතාව හා ව්‍යාපාරිකයන් තමන්ගේ අවශ්‍යතාවයන්ට භූගත ජලය ප්‍රයෝජනයට ගැනීම වැඩිවන ප්‍රමාණයට සමානුපාතිකව ජකර්තා නුවර ගිලා බැසීමේ අවදානමද වැඩි වෙයි. එම නිසා ඔවුන් පවසන්නේ සියළුම ජකර්තා වැසියන් භූගත ජලය හැරෙන්නට වැස්ස,ගංගා වැනි වෙනත් ජල ප්‍රභවයන් සිය පරිභෝජනය සදහා යොදා ගැනීමට කටයුතු කල බවයි.

අධික දූෂණයට ලක්ව ඇති ගංගාවක්
අධික දූෂණයට ලක්ව ඇති ගංගාවක්

නමුත් ඒ පිළිබදව වන අනෙක් ගැටළුව වන්නේ ජකර්තා නුවර ගංගා සියල්ලම පාහේ දැඩි ජල දූෂණයට ලක්වී තිබීමයි. ඒවා නිවැරදි ලෙස පිරිසිදු කිරීමකින් තොරව කිසිදු ආකාරයකින් ඒවා පරිභෝජනයට ගැනීමට නොහැකිය. එනිසා ඉන්දුනීසියාවේ බලධාරීණ් මෙම ගැටළුවට දීර්ඝකාලීන විසදුමක් හැකි ඉක්මණින් සොයාගතයුතු අතර නැතිනම් අනිවාර්යයෙන් 2050 වසර වන විට ජකර්තා නුවර ජලයෙන් යටවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article