Wednesday, May 15, 2024

මෙරට විදේශ සංචිත ඩොලර් බි.8.4ක් දක්වා වර්ධනය වී ඇති බව මහබැංකු අධිපති කියයි.

Must read

පසුගියදා පැවැති ‍මුදල් ප්‍රතිපත්ති තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කර සිටියේ මේ වසරේ ජූලි මස අවසානය වන විට අප රටේ දළ විදේශ සංචිතය අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4ක් දක්වා වර්ධනය වී ඇති බවයි. පසුගිය වසර අවසන් වන විට මෙරට දළ නිල සංචිතය ඩොලර් බිලියන 8.0 ක් විය. එලෙස මේ වසර අවසන් වන විට මෙම සංචිත ඩොලර්  බිලියන නවය දක්වා ඉහළ යනු අැතැයිද  අධිපතිවරයා අනාවැකි පළ කර ඇතැයි වාර්ථා වෙයි.

මෙලෙස මේ වසරේදී සංචිත ප්‍රමාණය ඉහළ යාම සදහා , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පස්වැනි අදියරේ මුදල් ලැබීම,විදේශ ආයෝජන ගලා ඒම සහ ඩොලර් බිලියන 1ක් වටිනා ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කිරීම, චීන සංවර්ධන බැංකුව මගින් ලබාගන්නා ඩොලර් බිලියන 1.5ක මුදල   වැනි හේතූන් මූලික වශයෙන් හේතුවන බවද ඒ හතා ඒ අවස්ථාවේදී සදහන් කර ඇත.

එලෙසම මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අධිපතිවරයා සදහන් කර සිටියේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මන්දගාමී වීමට ශ්‍රී ලංකාව විසින් රත්‍රන් හා කුඩා වාහන ආනයන හා නිෂ්පාදන බදු සංශෝධනයට හේතු වූ බවද සදහන් කලේය. මෙලෙස ශ්‍රී ලංකාව විසින් බදු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ රත්‍රන් හා කුඩා වාහන ගෙන්වීමට වැය වන අධික විදේශීය විනිමය නතරකොට දැමීම ඉලක්කකොට  බවද ඒ මහතා එහිදී පැහැදිලි කලේය.

තවද මෙරට ආර්ථිකයේ ඉදිරි කාලයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කළ අධිපතිවරයා, සදහන් කර සිටියේ සමස්තයක් ලෙස ආර්ථිකය සියයට 4.0 කින් වර්ධනය වනු ඇති බවයි. මේ වසරේ යහපත් කාලගුණික තත්වය මත දෙවැනි භාගයේ දී කෘෂිකර්මාන්තයේ වර්ධනයක් සිදුවනු ඇතැයි ඔහු සදහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article