Wednesday, January 1, 2025

ලසන්තගේ දියණියගෙන් අගමැතිට ලිපියක්

Must read

තමාගේ පියා වන සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 ජනවාරි මස 8වනදා ඝාතනය වීමත් සමග ඔහුගේ නම තම ඡන්ද ව්‍යාපාර සදහා භාවිතා කලත් පියාගේ ඝාතකයන් ආරක්ෂා කල  බවට චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ප්‍රශ්ණ කරයි.

තම පියා ඝාතනය පිලිබදව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමාව ඉල්ලිය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලත්,ගෝඨභය රාජපක්ෂ කිසිදිනක ඒ වෙනුවෙන් සමාව නොගන්නා බව තමන් දන්නා බවත් පසුගිය වසර 10 තුලඔහු මාධ්‍ය හමුවේ ලබාදුන් ප්‍රකාශවලින් තම පියා ඝාතනය කිරීම පිලිබදව ගෝඨාභය රාජපක්ෂ ආඩම්බරවන බව රහසක් නොවන බවත් ඇයගේ ලිපියේ ඇය සදහන් කර ඇත.

එමෙන්ම 2015 වසරෙන් පසු බලයට පැමිණියත් තම පියාගේ ඝාතකයන් ආරක්ෂා කිරීම සම්බන්දයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාව ඉල්ලන්නේදැයි  ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා ඇත.

අහිම්සා වික්‍රමතුංග විසින්  යවන ලද ලිපිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article