Sunday, May 19, 2024

ලලිත් වීරතුංහ හා අනූෂ පැල්පිට බන්ධනාගාර රෝහල් වෙත..

Must read

image_1504857687-139a92c82c

හිටපූ ජනාධිපති ලේඛම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් ඊයේ දිනයේදී බන්ධනාගාර රෝහල වෙත ඇතුල් කර තිබෙනවා.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක දුමිදු බණ්ඩාර මහතා පැවසුවේ ඔවුන් මේ ආකාරයෙන් බන්ධනාගාර රෝහලවෙත ඇතුලත් කරන ලද්දේ ඔවුන්ට දියවැඩියාව ඇති බවට ඔවුන් විසින් කල පැමිණිල්ලකට අනුව බවයි.

මේ වන විට කිසියම් සිරකරුවෙකු මේ ආකාරයෙන් බන්ධනාගාර රෝහල වෙත අවශ්‍යකරන්නේ බන්ධනාගාර රොහලේ වෛද්‍යවරයාගේ අනුමැතිය පමණක් වන නිසා එසේ සිරකරුවෙකු බන්ධනාගාර රෝහල වෙත ඇතුලත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තුමාගේ අනුමැතිය අවශ්‍යවන ආකාරයෙට සකස් වන ලේඛනයක් මේ වන විට සකස් වෙමන් පවතින  බවද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක දුමිදු බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article