Monday, April 29, 2024

ලංගම ආසන වෙන් කිරීම online ක්‍රමයට

Must read

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන Online ක්‍රමය හරහා වෙන් කිරීමේ සමාරම්භක වැඩසටහන  මහාමාර්ග රාජ්‍ය  අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්  මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.

ඒ සඳහා sltb.eseat.lk නමින් වෙබ් අඩවියක් හා 1315 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දීමද එම අවස්තාවේදී සිදුවිය.

දිවයින පුරා පිහිටි ස්ථාන හතළිහක් හරහා ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථ වල ආසන වෙන්කරවා ගැනීමට මෙමගින්  පහසුකම් සලසා ඇති අතර ඒ සඳහා 1315  ක්ෂණික දුරකථන අංකය  365 දවසේ පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන්ම   සක්‍රීයව පවතී.

ඒ අනුව කලින් ආසන වෙන් කරවා ගැනීම , තමන්ට කැමති ස්ථානයක ආසනයක් හෝ ආසන කිහිපයක්  වෙන් කරවා ගැනීම , තමන්ට ළඟින්ම පිහිටි බස් නැවතුම්පළෙන් බසයට ගොඩ වීමේ පහසුකම , ආසනයක් වෙන්කර ගත් පසු එය වෙනත් දිනයකට මාරු කර ගැනීම , බස් රථය පිටත් වූ විගස කෙටි පණිවිඩයක් හරහා මගියා  දැනුවත් කිරීම , 365 දවසේ පැය 24 පුරා ක්ෂණික දුරකථන සේවා මධ්‍යස්ථානය අමතා තොරතුරු ලබා ගැනීම , ආසන වෙන්කර ගත් බස් රථය පිටත් වීමට පෙර කොන්දොස්තර මහතාට දුරකථනයෙන් අමතා තොරතුරු  ලබාගැනීම ඇතුළු  පහසුකම් රැසක් මගියාට මේ තුළින් හිමිවේ.

මෙම පහසුකම්,

  • කල්මුණේ, සමන්තුඩේ කාත්තන්කුඩි කින්නියා මන්නාරම  මුලතිව්
  • කඩුවෙල බණ්ඩාරවෙල තංගල්ල මාකුඹුර මීගමුව
  • පොතුවිල් කලවංචිකුඩි එරාවූර් යාපනය කිලිනොච්චිය
  • මහනුවර වැල්ලවාය බිබිලේ කතරගම පොලොන්නරුව මහියංගනය
  • අක්කරේපත්තුව අම්පාර වාලච්චේන හැටන් කරේ නගර්
  •  මහරගම දෙහිඅත්තකණ්ඩිය  ගාල්ල අම්බලන්ගොඩ අනුරාධපුර මඩකලපුව  ත්‍රි – මලේ වව්නියාව
  • පේදුරුතුඩුව මොනරාගල බදුල්ල මාතර නුවරඑළිය සහ කඩවත  යන ප්‍රධාන  බස් නැවතුම් පොළවල් හරහා ආසන වෙන් කිරීමෙන් ලබාගත හැකිය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය HANDS GLOBAL HOLDINGS පුද්ගලික සමාගම හා එක්ව මෙම  වැඩසටහන ක්‍රියාත්මකය .

(ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article