Friday, May 17, 2024

උතුරු නැගෙනහිර පළාත්වලට උපාධිධාරීන්ට ඉදිරියේදී රැකියා 20000ක්..

Must read

image_1503245850-afd4d52e17උතුරු හා නැගෙනහිර පළාත් වල රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට පමණ ඉදිරියේදී රැකිය ලැබෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දිනක එරාවුර් නගරසභා ගොඩනැගිල්ල විවෘත කිරීමට ගිය අවස්ථාවේදි ප්‍රකාශ කොට තිබෙනවා. ලෙසම ඉන්දියාව හා ජපානය ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීම හා දිස්ත්‍රික්කයේ කාර්මික සංවර්ධන කලාපයක් ඇති කිරීමට කැමැත්තෙන් සිටින නිසා ඉදිරියේදී නැෙගනහිර පළාතට අවස්ථාවන් රැසක් හිමිවනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

මේ වනවිට දකුණු පළාතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතීන් ඉදිරියේදී අම්පාර ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වනුඇති බවත් සංචාරක කර්මාන්තය ඉල්ලක කරගනිමින් මඩකලපුව දිස්ත්‍රික්ක දියුණු කිරීමට මේ වන විට මූලික කටයුතු සිදුවෙමින් පවතින බවත් වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article