Friday, May 10, 2024

රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලා චන්ද්‍රිකාගෙන් ජනපතිට ලිපියක්

Must read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කිරීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කටයුතු කර තිබේ.

“බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් වත්මන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බව ඔබතුමාද පිළිගන්නා බව මම විශ්වාස කරමි.” යැයි පවසමින් ඇය තවදුරටත් සිය ලිපියේ දක්වා ඇත්තේ “මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි .” යනුවෙනුයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article