Monday, April 29, 2024

රතුපස්වල අපරාධයට අණ දුන් බ්‍රිගේඩියර් රිමාන්ඩ්

Must read

Rathupaswala-protest

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ පැවැත්වුණ ජනතා උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධණ අත්අඩංගුවට ගෙන ඇත.

උද්ඝෝෂණයේදී වෙඩි වැදීම හේතුවෙන් තරුණයකු හා පාසල් සිසුන් දෙදෙනකු මිය ගිය අතර පසුව එය අපාර්ධයක් වශයෙන් අධිකරණය විසින් නම් කරනු ලැබිණි.
බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන රජයේ අපරාධ විමර්ශන අංශය විසින්  අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ එම අපරාධයට අණ දුන් තැනැත්තා හැටියට ය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඔහු විදේශයක ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයේ නියුතුව සිට පසුගිය 2015 වසරේ ශ්‍රී ලංකාවට පැමිණියේ ය. අත්අඩංගුවට ගත් බ්‍රිගේඩියර්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මැයි මස 31 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.
එම ප්‍රහාරයෙන් විසි හය දෙනෙකුට අධික පිරිසක් තුවාල ලදහ.මෙම ප්‍රහාරය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි විරෝධයට ලක් වූ අතර ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලද දැඩි විරෝධයට ලක් විය.

 

උපුටාගැනීම – http://thecolombopost.net

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article